4.30pm
කොරෝනා ආසාදිතයින් තවත් 3 ක් එක්වූ බවත් ඒ අනුව මුළු ගණන 59 දක්වා නැවතත් ඉහළ ගොස් ඇති බවත් අද සවස පැවති ප්රවෘත්ති සාකච්ඡාව අතරතුර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළාය.
රාගම රෝහලේ අයෙකු, අයිඩීඑච් රෝහලේ පුතිකාර ලබමින් සිටි අයෙකු හා කුඩා දරුවෙකු මේ තිදෙනා වන බව කීවාය.
3.50pm
අද දිනයේ තවත් කොරෝනා රෝගීන් 4 දෙනෙකු එකතුවූ බවත් ඒ අනුව සම්පූර්ණ කොරෝනා රෝගීන් ගණන 56 ක් බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.
අලුතින් එකතුවූ දෙදෙනෙකු මීට පෙර වාර්තාවූ මැණික් වයාපාරිකයාගේ බිරිය හා දියණිය බවත්
අනෙක් දෙන්නා නිරෝධායන කඳවුරකින් වාර්තා වූ බවත් දන්වා සිටියේය.
මේ අතර ලංකාවේ කොරෝනා ආසාධිතයින් වැඩි ප්‍රතිශතය වයස 41-50 අතර බවත් ගැහැණුන්ට වඩා පිරිමි ආසාදනය වන බවත් සංඛ්‍යාලේඛන මගින් දැන් පෙන්නුම් කරන බව කීය.
12.30pm
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දෛනිකව නිකුත් කරන කොරෝනා දත්ත වාර්තාව අනුව අද (19) දවල් 10 වනවිට කොරෝනා වැළඳුණ ශ්‍රී ලාංකිකයින් 52 ක් සිටී.දිවයින පුරා රෝහල් වල
අධීක්ෂණය යටතේ කොරෝනා සැක රෝගීන් 243ක් සිටී.
කොරෝනා මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ කියා සිටියේ කොරෝනා රෝගීන් 50 දක්වා ඉහළ ගිය බවකි.
වසංගත රෝග විද්‍යා අංශ මාර්තු 19 වාර්තාව මේ සමග පළවේ.





