පසුගිය වසරේ මාර්තු 15 වැනි දින ගිනි අවියක් ගත් පුද්ගලයෙකු නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර ඉස්ලාම් පල්ලි දෙකකට ඇතුල්ව විශාල පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මහත් ආන්දෝලනයක්, කම්පනයක් ඇති කළ සිදුවීමක් විය. මෙහි දී 51 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 49 දෙනෙක් තුවාල
ලැබූහ. සිද්ධිය සම්බන්ධයෙන් අන්තවාදී සුදු ජාතිවාදියෙකු ලෙස සැලකුණු බ්‍රෙන්ටන් ටැරන්ට් නැමැත්තෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ටැරන්ට් තමාට එරෙහිව එල්ල වූ චෝදනා ප‍්‍රතික්‍ෂේප කළ බැවින් ඔහුට එරෙහි නඩු විභාගය ලබන ජුනි මාසයේ ආරම්භ වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත්

ඔහු ඉහත කී ස්ථාවරය වෙනස් කරමින් මිනීමැරුම් චෝදනා 51 ක් සම්බන්ධයෙන් සහ මිනීමැරීමට තැත් කිරීම පිලිබ`ද චෝදනා 40 ක් සම්බන්ධයෙන් වරද පිලිගෙන ඇති බව වාර්තා වෙයි. මේ අනුව ඔහුට දඬුවම් නියම කිරීම ඉදිරි දිනයක සිදු කෙරෙනු ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. නමුත් තවමත් එ් සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ප‍්‍රකාශයට පත්ව නැත.

2019 මාර්තු 15 වැනි දින දහවල් 1.40 ට පමණ ක‍්‍රයිස්ට්චර්ච් හි අල් නූර් දේවස්ථානය වෙත මෝටර් රියකින් පැමිණි ටැරන්ට් එහි ඇතුල්ව එහා මෙහා යමින් එක දිගට වෙඩි තැබීමට පටන් ගත් අතර මඳ වේලාවකට පසු නැවත ඔහුගේ මෝටර් රිය වෙත ගොස් වෙනත් ගිනි අවියක් රැුගෙන යළිත් දේවස්ථානයට ඇතුල්ව නැවතත් වෙඩි තැබීමට පටන් ගත්තේය. එ් වනවිට දේවස්ථානය තුළ 300-500 අතර පිරිසක් සිටින්නට ඇති බව විශ්වාස කෙරේ. අල් නූර් දේවස්ථානය තුළ වෙඩි තැබීමෙන් පසු ඔහු ඊට කි.මී. 5ක් පමණ දුරින් පිහිටි, ලින්වුඞ් ඉස්ලාමීය මධ්‍යස්ථානය නම් තවත් දේවස්ථානයක් වෙත ගිය අතර එහිදී ද තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඝාතනය කළේය.

සහන් වික‍්‍රමගේ