කොසොවෝ රාජ්‍යයේ කොරෝනා පැතිරයාම පාලනය කිරීම සඳහා එරට රජය අපොහොසත්වූ බව පවසමින් රජයට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාස භංග යෝජනාව රජය පරාජය වීමත් සමග අගමැති අල්බින් කුර්තිගේ රජය
බිඳ වැටී තිබේ.
අගමැතිවරයාට එරෙහිව ඔහුගේම පාලක සභාගයේ ඇතැම් පක්ෂද විශ්වාස භංග යෝජනාවේදී ඡන්දය භාවිත කර තිබිණි.
ඔහුගේ නව රජය බලයට පත්වී  ගතව තිබුනේ  මාස දෙකක කාලයක් පමණි.
මේ වන විට කොසොවෝ රාජ්‍යයේ කොරෝනා ආසාදිතයන් 70 ක් වාර්තාවී ඇති අතර එක අයකු මියගොස් තිබේ.
කෙසේ වෙතත්කොරෝනා වයිරසයේ පැතිරයාම නිසා  නව රජයක් තෝරා පත් කර ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට ද නොහැකිවී තිබේ.