[Trending][btop]
[News][stack]

යුරෝපයෙන් ආ පිරිසක් කෝට්ටේ නිවාස 40ක ස්වයං නිරෝධායනයේ

ඉතාලිය ඇතුලු රටවල් කිහිපයක සිට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා බල ප්‍රදේශයට පැමිණ  නිරෝධානයට යොමු නොවී සිටි බව කියන පිරිස් සිටි නිවාස 40 ක පුද්ගලයන් සිය නිවෙස තුළදීම
නිරෝධායනයට යොමු කළ බවත් සැක සහිත නිවාස දහයක් ජීවානුහරණය කළ බවත් ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා  ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතා පැවසීය.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා නගරාධිපති මධුර විතානගේ මහතාගේ උපදෙස් මත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනෝජ් රොද්‍රිගු මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂක ළහිරු කරුණාරත්න සහ වැලිකඩ පොලිසිය එක්ව මෙම වැඩ සටහන ක්‍රියාවට නැංවීය.

එහිදි විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධානයට යොමු නොවී සිටින පිරිස් පීළිඹඳව මහජනතාවගෙන් ලැබුණු තොරතුරු සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ පොලිසියට ලැබුණු තොරතුරු ඔස්සේ මෙම වැටලීම් සිදුකල බව ඒ මහා පැවසීය.

මෙම  පරික්ෂාවේදී ඉතාලිය, එංගලන්නය, ප්‍රංශය, කාරියාව, මැදපෙරදිග, වැනි රටවලින් පැමිණ සිටි විදේශිකයන් සහ ලාංකිකයන් හමු වු  බව සඳහන් කරන ඒ මහතා නිරෝධානය සඳහා අවශ්‍ය උපදෙස් ඔවුන්ට ලබා දුන් බව පැවසීය.

 එම නිවෙස් වලින් හමු වු සෙම්ප්‍රතිශ්‍යාව හැදුණු රෝගියෙක් කොරෝනා ආසාධිතයෙක්ද යන්න තහවුරු කර ගැනිමේ පරික්ෂාවට   ජාතික රෝහලට යොමු කළ බව සඳහන් කළ  ඒ මහතා කොරෝනා බවට තහවුරු  වු රෝගියෙක් මෙතෙක් වාර්තා  නොවු බව පැවසීය. මෙම අවස්ථාවට ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.

(රේඛා තරංගනී ෆොන්සේකා)