ලන්ඩන් නුවර සිට යාපනය කන්දර්මඩම් ප්‍රදේශයට පැමිණි යාපනයේ පදිංචි කාන්තාවක් කොරෝනා වයිරසය
අසාදනය වී ඇතයි සැකපිට යාපනය ශික්ෂණ රෝහලට අද (18) උදෑසන ඇතුළත් වී ඇත.

මෙම  කාන්තාව කන්දර්මඩම්හි පදිංචි 73 හැවිරිදි වියේ පසුවන අතර එම කාන්තාව පසුගිය සතියේ යාපනයට පැමිණ ඇත. කාන්තාවගේ සිරුරේ ඇති වූ කිසියම් අසනීප තත්වයක් හේතුවෙන් පවුලේ ඥාතීන් කොරෝනා දැයි  බිය  වී ඇය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

කෙසේ නමුත් මෙම කාන්තාවට නිශ්චිතවම කොරෝනා වයිරසයදැයි මෙතෙක් හඳුනාගෙන නොමැති අතර වෛද්‍ය පරික්ෂණ කටයුතු සිදු කිරීමෙන් පසුව නිගමනයකට ඒමට හැකිවනු ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පවසති.

(රොමේෂ් මධුෂංඛ )