Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න

ඊයේ (25) පැවති  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් කැබිනට් තීරණ දැනුම් දීම අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුකරන ලදී. එහිදී කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා සහ අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමන් දත්වන ලද කරුනු
පහත පරිදි වේ.

• කොරෝනා උවදුර නිසා සෘජුව බලපෑම් එල්ල වූ විවිධ පාර්ශ්වයන්ට සහන සැලසීම සඳහා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අදාලව මහ බැංකුවේ අධිපතිතුමා විසින් වාණිජ බැංකු වෙත නිකුත් කරන ලද චක්‍රලේඛය කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.
• ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ලොරි, අහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කුඩා ප්‍රමාණ වාහන, බස්, වෑන් වැනි වාහන කල්බදු ක්‍රමය යටතේ ලබා ගත් සියලුම වාහන වල ලිසීං වාරික හා පොලී ගෙවීමට මාස 6ක කාලයකට අත්හිටුවා තිබේ.
• රජයේ හා පුද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකර ගැනීම මැයි මස 30 දක්වා අත්හිටුවා ඇත.
• බැංකු සහ මුල්‍ය ආයතන වලින් ලන්ක 10ට අඩු පුද්ගලික ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය අයකර ගැනීම මාස තුනකට අත්හිටුවා ඇත.
• විදුලිය බිල්පත්, වරිපනම් බදු බැකු චෙක් පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කර තිබේ.
• මාසික ණය කාඞ්පත් (Credit card) මුදල රුපියල් 50000 දක්වා වන ගනුදෙනු
සඳහා ණය පොලී අනුපාතය 15% දක්වා අඩුකර ඇති අතර අවම පොලී අය කිරීම 50% දක්වා අඩුකර තිබේ.
• කොරෝනා  මර්ධනය කිරීමේ නිරත සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුල රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් වැඩි කර ඇත.
• සමෘද්ධි ලාභීන්ට රුපියල් 10000 ක පොලී රහිත අත්තිකාරම් මුදලක් ලබා ගැනීමට
සමෘද්ධි බැංකු හරහා අවස්ථාව ලබා දී තිබේ,
• සමෘද්ධි හා දිළිඳු පවුල් සඳහා ආහාර හිමිකම් පතක් ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇත.
• ප්‍රාදේශීය ලේකම් සහ පොලිසිය අධීක්ෂණය යටතේ ධීවරයින්ට මුහුදු යාමට අවස්ථාව ලබා දී ඇති අතර එම මාලු අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට පියවර ගෙන ඇත.
• කර්මාන්ත ක්ෂේත්‍රයේ නියලී සිටින පුද්ගලයින්ට සේවක වැටුප් ගෙවීම, විදුලි බිල්පත් සහ වරිපනම් ගෙවීම සඳහා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා මත 4% ණය මුදලක් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇති අතර බැංකු මගින් අය කරන ඉතිරී පොලිය රජය මගින් එම බැංකු වෙත ලබා දේ.




ලද සැණින් පුවත් බලන්න- නිවැරදි ගොසිප් ලංකා නිවුස් ෆේස් බුක් පිටුවට -Like කරන්න









Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

clearnews.lk

Gossip Lanka Trending

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter