මීළග ලෝක විවාහක රූ රැජින තරගාවලිය (Mrs. World 2021) ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කර තිබූ ඉල්ලීම අනුමතවූ බවත් ඒ අනුව එම තරගාවලිය මේ වසරේ නොවැම්බර් 12 වැනිදා සිට 20 වැනිදා දක්වා ලෝකය පුරා සිටින රූමතියන් මෙරටට කැඳවා පවත්වන්නට සූදානම් කර ඇති බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී
අනාවරණය කෙරිණි.
 වෝග් ජුවලර්ස් පෞද්ගලික සමාගම, කොළඹ කිංග්ස්බරි හෝටලය සහ GFlock Clothing (Sri Lanka) යන සමාගම්හි සහයෝගිතාව යටතේ මෙම උත්සවය සංවිධානය වෙයි.

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා 2020 වසරේ විවාහක ලෝක රූ රැජින කිරළ දිනූ ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි, ලෝක විවාහක රූ රැජින සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද නියෝජිතයන්, මෙරට තුළ එම අවස්ථාව සංවිධානය කරන ආයතනය නියෝජනය කරමින් චන්දිමාල් ජයසිංහ ඇතුළු Mrs. World 2021 සංවිධායක මණ්ඩලයේ සාමාජිකයෝ පිරිසක් සහභාගි වී සිටියහ.
ශ්‍රී ලංකා විවාහක රූජිණ තරගය දිනාගත් කැරොලයින් ජූරි  2020 වසරේ ලෝක විවාහක ලෝක රූ රැජින කිරුළ  දිනා ලංකාවට පැමිණි පසු චන්දිමාල් ජයසිංහ ඇතුළු ශ්‍රී ලංකා විවාහක රූජිණ තරගය සංවිධානය කළ අය පැවසුවේ ලංකාවේ සංචාරක වයාපාරය ඉහළ නැංවීමේ අරමුණින් මෙවැනි ලෝක අවධානය දිනාගත හැකි තරග අවස්ථාවක් මෙරට සංවිධානය කිරීමට ඉල්ලුම් කරන ලද බවයි.
 ‘ලෝක විවාහක රූ රැජින-ශ්‍රී ලංකා’හි ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ‘ද කලම්බු ලයිෆ්ස්ටයිල්’ සමාගම ‘ලෝක විවාහක රූ රැජින 2021’ තරගාවලියේ සම සංවිධායකත්ය හොබවති.
‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන බව නිල වශයෙන් නිවේදනය කිරීමේ අවස්ථාවට 2018 තරගාවලියේ’ කිරුළ දිනූ ඇලිස් ජී ජෙනාටා ද එක්ව සිටියේ ‘ලෝක විවාහක රූ රැජින’ සංවිධානය නියෝජනය කරමිනි.