කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් අද දිනයේදී ලබාදුන්  රජයේ බැංකු වෙළෙඳ නිවාඩුව ඉදිරියට දීර්ඝ කරන්නේ නැතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්
එස්. හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ඒ අනුව හෙට 17 (අගහරුවාදා)
සිට රටේ කටයුතු සාමාන්‍ය ලෙස කරගෙන යායුතු බවද දැන්වීය.
පවතින තත්ත්වය නිරීක්ෂණය කර සිකුරාදා පමණ වනවිට තත්වය සලකා බලා ඉදිරියේදී නිවාඩු දීමේ අවශ්‍යතාවක් මතුවුවහොත් යළි තීරණයක් ගන්නා බවද ලේකම්වරයා කීවේය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද  සඳුදා දින රජයේ නිවාඩුව ලබාදීම නිසා බැංකු හා රාජ්‍ය කටයුතු රැසක් ජනතාවට මගහැරී ගිය බවද මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධ කටයුතුද අසීරුවී ගිය බව දැක්වූ ඔහු මේ නිසා ඉදිරි දිනවල නිවාඩු දීමට අදහසක් නැතැයි පැහැදිලි කළේය.