කොවිඩ් 19 වෛරසය ජාත්‍යන්තර තර්ජනයක් බවට ප්‍රකාශ වී තිබෙන නිසා සෞඛ්‍ය අමාත්‍යංශය විසින්
පත්කර තිබෙන
ජාතික ක්‍රියාකාරී කමිටුව තීන්දු තීරණ ගණනාවක් ගත් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවේ සිට පැමිණි විදේශීය ජාතිකයින් හා ශ්‍රී ලාංකිකයින් දින 15ක නිරෝධායනයකට ලක්කරන බවද පවසා සිටියාය.
මීට අමතරව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තවත් ක්‍රියාකාරී කමිටුවක් පත්කර එම කමිටුව දිනපතා රැස්වීමට තීරණයක් ගෙන තිබෙන බවද පවසා සිටියාය.