නතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුතු උවිඳු විජේවීර සිය ඉදිරි දේශපාලන ගමනක් ගැන ඉගි සපයමින් මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ. ඔහු ජවිපෙ මෙහිදී විවේචනය කරන අතර
දේශපාලන විචාරකයින් දක්වන්නේ උවිඳු ඉදිරියේ පොහොට්ටුව නියෝජනය කරමින් දේශපාලනයට සම්බන්ධ වනු ඇති බවයි.
උවිඳු විජේවීර මේ වන විට රුසියාවේ විශ්ව

විද්‍යාලයක දේශපාලන විද්‍යාව සහ අන්තර්ජාතික සබඳතා යන ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණි ඔහු මාධ්‍ය සමග අදහස් පළ කරමින් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණි. එහිදී ඔහුට වත්මන් ජනතා විමුක්ති පෙරමුණේ භාවිතය සම්බන්ධයෙන්  සෑහීමකට පත්නොවන අදහස් පළකර තිබූ අතර පෙරටුගාමීන් ලෙස වෙන්ව ගියේ ජවිපෙ අරටුව බව ද සඳහන් කළේය.

එමෙන්ම තමන් පුද්ගලිකවම මාක්ස්වාදියෙකු ලෙස හඳුන්වා නොගන්නා බව පැවසූ උවිඳු  කියා සිටියේ මේ රට සිංහල බෞද්ධ රටක් බවත් එය ජනතා විමුක්ති පෙරමුණ ද තේරුම්ගත යුතු බවත් තම විශ්වාසය බවයි.

එමෙන්ම සිංහල බෞද්ධ පදනමක සිට රට වෙනුවෙන් ඕනෑම මොහොතක පෙරට ඒමට සූදානම් බව ද ඔහු කියා සිටියේය. ජවිපෙ කාලානුරූපීව වෙනස් විය යුතු බවත් එය හොඳ පැත්තට සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කළේය. පසුගිය කාලයේ ජවිපෙ මැදිහත් වූ සන්ධාන සම්බන්ධයෙන් ජනතාවට එතරම් ප්‍රසාදයක් නැති බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය නායකත්වය සමග ඉදිරිගමනකට සූදානම් විය යුතු බවද ඔහු විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර සිටියේය.පාර්ලිමේන්තුවේදී ඇමති විමල් වීරවංශ අවස්ථා කිහිපයකදීම උවිඳු විජේවිර ගැන හා එම පවුල මුහුණු දෙන ප්‍රශ්න විසඳීමට සභාවේ අවධානය යොමු කර තිබුණේය.උවිදු දෙරණ හා හිරු නාලිකාවන්ට පමණක් සිය ප්‍රකාශයන් ලබාදී තිබුණි.
 ඒ තුළින් ඔහු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග එක්වන බවට ඉඟි පළව ඇතැයි දේශපාලන විචාරක අදහසයි.