9.30 am
අද (14) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි මිග්යානා ගනුදෙනුව නිසා රතු වරෙන්තු පිට සිටින හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බවත් අද (14) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය දන්වා තිබේ.
8.30 am
සුගිය මහින්ද රාජපක්ෂ සමයේ මිග් යානා ගනුදෙනුව සම්බන්ධ අවශ්‍ය සැකකරුවෙකු බවට නම් කර
ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කිරීමට පවා යොමුවූ හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග අද (14) උදෑසන ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පසුගිය රජය යටතේ ඔහු සම්බන්ධ නඩු විභාගවන අතරවාරයේ
වරක් ඔහු ඩුබායිහිදී කොටුවූ නමුත්
අනතුරුව ආගමන විගමන සම්බන්ධ නෛතික ලියකියවිලි ගැටලු මත ඔහුව ලංකාවට ලබාගැනීමට නොහැකි විය.
එම කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ

ජපන් සංචාරය ඇතුළු අවස්ථා ගණනාවකට ඔහු පැමිණියේ හිතවතෙකු හැටියටයි.

යුද සමයේ කෝටි ගණනක මිග් යානා රුසියාවෙන් ආනයනය කිරීමට අදාළ මුදල් ගනුදෙනුවලදී ඔහු මුදල් ගසාකා ඇති බවට චෝදනාවක් පවතින අතර මෙම මිග් යානා ගනුදෙනුව සම්බන්ධ ලිපි ලේඛන සැකසූ තානාපති කාර්යාල සේවකයෙකු ලෙස සිටි සිය ගෝලයෙකු හදිසියේ මරණයට පත්වීම ගැනද සැකපිට ඔහුට එරෙහිව පැමිණිලි සිදු කර තිබේ.

වරෙන්තු සහිතව සිටි ඔහු පසුගිය කාලයේ දිගින් දිගටම ලංකාවට පැමිණීමෙන් වැළකී සිටි අතර අද අලුයම කිසිදු බියක් සැකක් නැතිව කටුනායක ගුවන් තොටුපළින්  ඔහු මෙරටට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මේවන විට ඔහුගෙන් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තාවේ.