සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාවේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 289ක් රැස් කළා.

ශායි හොප් ලකුණු 115ක් ලබාගත්තා. ඊට හතරේ පහර 10ක් ඇතුලත්වුනා.

රොස්ටන් චේස් ලකුණු 41යි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 1ක් අවසානයේ කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50යි. දිමුත් කරුණාරත්න ලකුණු 52ක් සහ කුසල් පෙරේරා 42ක් ලබාගත්තා.

වනිඳු  හසරංග නොදැවී 42යි.

සංචාරක කොදෙව්වන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ලබන බදාදා හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.