අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා මහියංගණය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මෙසේ  සදහන් කළේය.
දැන් අපේ පළාත් සභා ක්‍රියාත්මක නැහැ.පළාත් සභාවල
ඇමති මණ්ඩලයක් නැහැ.
ඒවායින් රැකියා ලබා දෙන්නත් බැහැ.ජනතාවට සේවය කරන්නත් බැහැ අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මම පළාත් සභා බල ගන්වා පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා කැබිනට් මණ්ඩලයට පනතක් ලබන සතියේ ගෙන එනවා.ඒ අනුව මහ මැතිවරණය පවත්වලා මාස දෙකක් තුළ පළාත් සභා මැතිවරණය රට පුරා පවත්වලා පළාත් සභා බල ගැන්වීමට කටයුතු කරනවා.එහෙම වුණහම පළාත් සභාවලින් වන සේවය වෙනවා.ඒ වගේම රැකි රක්ෂා ලබා දෙන්නත් පුළුවන්. අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය