යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ
ඒ මහතාට මෙම තහනම පනවා ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් අමෙරිකානු රජය විසින් පනවා ඇති මෙම කොන්දේසියට පාදක කර ගෙන ඇති කරුණු සත්‍යයෙන් තොර බවත් යුද හමුදාපතිවරයාට එරෙහිව කිසිදු මානව හිමිකම් චෝදනාවක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

"ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6 කට පසුව මෙම සංචාරක තහනම පැනවීමේ කාලය සම්බන්ධයෙන් හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානියා මෙන්ම මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ ජනාධිපතිවරයෙකු ගේ පරමාධිපත්‍යය පිළිබඳව විදේශීය රාජ්‍යයක් මේ අයුරින් ප්‍රශ්න කිරීම කලකිරීමට කරුණක් බවයි” විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇති අතර යළි සමාලෝචනය කරන්නැයි ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.