ශ්‍රී ලංකාවේ ධීවරයන්ට සිය මත්ස්‍ය අස්වැන්නට නිසි මිලක් නොලැබෙන ලෙස විදේශීය ධීවර යාත්‍රා වන්ට මේ රටට ඇතුළුවීමට ඉඩ ලබාදීමට තමන් සම්බන්ධ යැයි ඇතමුන් ප්‍රකාශ අසත්‍ය බව ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.



එම චෝදනා කිසිවකු විසින් ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියේ දිවිනසා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ විදෙස් ධීවර යාත්‍රාවන් මෙරට මුහුදු සීමාවට පැමිණීමෙන් මෙරට ධීවරයන්ගේ මාළු වලට නිසි මිලක් නොලැබීම ගැන ධීවර ජනතාව සමඟ පැවති සාකච්ඡාවකදීය.

විදේශීය ධීවර යාත්‍රා මෙරටට ගෙන්වීමට තමන් සම්බන්ධ යයි කිසිවෙකු ඔප්පු කරන්නේ නම් තමන් ජනතාව ඉදිරියට පැමිණ වස කුප්පියක් ප්‍රසිද්ධියේ බී දිවි නසාගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය.