සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් ලෙස පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි වනු ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (20) එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.



ඊයේ (19) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙය සිදු කර තිබේ.

සායින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීම සඳහා යෝජනාවක් 2018 වර්ෂයේ දී ෆයිසර් මුස්තාෆා එවකට අමාත්‍යවරයා විසින් ගෙන ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

රටේ එක් ස්ථානයකට පමණක් අනෙක් සෙසු පළාත්වලත් මෙවැනි අවශ්‍යතා ඇති බැවින් කැබිනට් මණ්ඩලය විසින් මෙම යෝජනාව අත්හිටුවීමට තීරණය කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.