හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාරදෙනු ලැබූ හඩපටයේ අසභ්‍ය වචන හා ජාතික ආරක්ක්ෂාවට හානිකර කරුණු ඇත්නම් ඒවා ඉවත්කර මන්ත්‍රීවරුන්ට ලබාදීමට පාර්ලිමේන්තු පක්ෂ
නායකයන් ඊයේ (7) තීරණය කර ඇත.
මේ තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (7) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදීය.  මේ අනුව හඬපටයේ අසභ්‍ය වචන හා ජාතික ආරක්ෂාවට හානිකර කරුණු ඇතුළත් නම් ඒවා ඉවත් කිරීම සඳහා හැන්සාඩ් දෙපාර්තමේන්තුවට පැවැරීමටද එහිදී තීරණය වී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් ඔහුගේ මෙම හඬපටය ඉකුත්වූ පාර්ලිමේන්තුවේ හැන්සාඩ්
දෙපාර්තමේන්තුවට බාරදෙනු ලැබිය. මේ හඬ පටයේ රන්ජන් රාමනායක මහතා හා විවිධ පුද්ගලයන් අතර සිදුවී ඇතැයි පැවැසෙන දුරකතන සංවාද දහස් ගණනක් ඇතුළත් වන බවත් ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් සිවුදෙනකු හා ඇමැතිවරයකුගේ හිටපු බිරීඳක සමග කෙරෙන දුරකතන සංචාක ද ඊට ඇතුළත් වන බවත් පැවැසේ. රන්ජන් රාමනායක මහතාගේ හඬපටය සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට ඉකුත් 5 වැනිදා දැනුම් දුන්නේය.