තායිලන්තයේ නැකොන් රට්චසිමා නගරයේ ආයුධ සන්නද්ධ සෙබළෙකුගේ වෙඩි තැබීම් නිසා මේ වනවිට මරණ 20 ක් හා තුවාල කරුවන් 40 කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ.

මෙම පහරදීම් තනිව සිදු කර ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නිලධාරියෙකු වන ජක්‍රෆන්ත් තොම්මා Jakraphanth Thomma වන බවට හඳුනාගෙන ඇති අතර ඔහු හමුදා කඳවුරකින් ආයුධ සොරකම් කර ඇත්තේ සිය අණදෙන
නිලධාරියා මරා දමමිනි.
පසුව සැකකරු නගර මධ්‍යයට ගොස් ටර්මිනල් 21 නමැති

සාප්පු සංකීර්ණයකට ඇතුළුවී දිගින් දිගටම වෙඩි තැබීම් සිදු කර තිබේ.සැකකරුගේ අභිප්‍රාය පැහැදිලි නැති අතර ඔහු පහර දුන් ආකාරය පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල පළ කර තිබේ.
ඔහුගේ පහරදීම් වාර්තාවීමත් සමග හමුදා භට පිරිස් සහ පොලිසිය මෙම ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති අතර තවත් වෙඩි තැබීම් වාර්තා වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ලුතිනන් ජෙනරාල් කොංචීප් තන්ත්‍රවානිච් කියා සිටියේ සිය ගණනක් ජනයා ආරක්ෂිතව සංකීර්ණයෙන් පිටතට ගෙනැවිත් ඇති නමුත් තවමත් ගොඩනැගිල්ලේ දුසිම් ගණනක් සිටිය හැකි බවයි.
ආරක්ෂක අංශ විසින් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වෙන්නේ බිම් මහල දැන් ජනශුන්‍ය කර ඇති බවයි

සැකකරු සමාජ මාධ්‍යවල වෙඩි උණ්ඩ තුනක් සහිත පිස්තෝලයක පින්තූරයක් පළ කර තිබී ඇති අතර, "කලබල වීමට කාලයයි" සහ "මරණය වළක්වා ගැනීමට කිසිවෙකුට නොහැකිය" යන වචනද ඇතුළත් විය.