මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයකු හා සිරදඬුවම් විඳින පුද්ගලයකු බන්ධනාගාර රෝහලේදී ඊයේ (11දා)
මියගොස් ඇති බව බන්ධනාගර අධිකාරි විසින් දැනුම් දී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.



මෙලෙස මියගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. ජෝශප් ලොයිඩ් රත්නසේකර (62) හා
බොරලැස්ගමුව පදිංචිව සිටි රයිගම් විදානලගේ සමන් ඩයස් (51) යන අයවලුන්ය.


මෙම පුද්ගලයන් දෙදෙනා හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයන් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටියදීය.

පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියකට මහාධිකරණයෙන් ලබාදෙන ලද දඬුවමකට අනුව මරණීය දණ්ඩනය නියම
වූ පුද්ගලයා වැලිකඩ බන්ධනාගාරයේද, හෙරොයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට නුගේගොඩ
අධිකරණය මඟින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයා නව මැගසින් බන්ධනාගාරයේද රඳවා සිටියදී
මෙම අසනීප තත්ත්වයන් හටගෙන තිබූ බව පොලිසිය කියයි.

අදාළ මරණයන් දෙක සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානය මඟින් අධිකරණයට කරුණු වාර්තා කර
මහෙස්ත්‍රාත්තුමා කැඳවීමටත් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමටත් නියමිතය.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක

දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

කොළඹ _ එම්. සී. පෙරේරා