ළැඹෙන මහ මැතිවරණයට සිය සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා තරග වදින බව සුපිරි ක්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් මුරලිගේ සොයුරා
නාම යෝජනා භාරදෙනු ඇති බවද ඔහු පවසා තිබේ.
 සමාජ මාධ්‍යවල මුරලිදරන් මහ මැතිවරණයට තරග වදින බවට ප්‍රචාරය වූ නමුත්

එය ඇත්තක් නොවන බව කියන මුරලි තමාට ලැබුණ ආරාධනාව හුවමාරු කළ බවත් තමා තරග නොවැද මල්ලීට තරග වදින්නට අවස්ථාව සැලසූ බවත් පවසා තිබේ.
රටට සේවයක් සලසන්නට තමා මෙන්ම සොයුරාද පෙරමුණ ගන්නා බවත් වතුකරයේ ජනතාව වෙනුවෙන් තම සහෝදරයා තරගවැදීමට සූදානම් බවත් ඔහු කියා සිටියේය.
මුත්තයියා මුරලිදරන් පසුගිය ජනපතිවරණ සමයේ වියත්මග වැඩසටහන් වලට එක්වී ගෝඨාභය රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට කැපවිය. අනතුරුව ගෝඨාභය ජනපති වූ පසුව මුරලිදරන්ට උතුරේ ආණ්ඩුකාර ධූරය භාර දෙන්නට ආරාධනාවක් පැමිණි නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ අතර ආරාධනාව ලැබුණ බව කීමටත් මැළි විය.

 ඉන්දියාවේ රෝහල් ජාලයක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන මුරලිගේ බිරිය සමග මුරලිදරන් නිරන්තරයෙන් ඉන්දියාවට යාමට අවශ්‍යතා සහිතව සිටියි. මුරලිදරන්ගේ පියා මහනුවර කුණ්ඩසාලේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඡන්දයට ඉදිරිපත්වන මුරලිගේ සහෝදරයා වන මුත්තයියා ප‍්‍රභාකරන් එතරම් ප්‍රකට පුද්ගලයෙකු නොවන නමුත් මුරලිදරන්ගේ නම පෙරටුකොටගෙන මැතිවරණයට ඉදිරිපත්වන ඔහුට වතුකරයේ වත්මන් ආණ්ඩුවට සහය නොදෙන ඡන්ද වැඩි ප්‍රමණායක් නම්මාගැනීමේ සම්භාවිතාව පවතින බව දේශපාලන ආරංචි සඳහන් කර තිබේ.