අවුරුද්දක පමණ එම පුහුණු කාලයෙන් පසුව ඔවුන් රාජ්‍ය සේවයේ ස්ථිර කරන බවත් පුහුණු කාලය තුළ

මාසයකට රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන බවත් ඊයේ (20දා) රජයේ ප්‍රවෘත්ති
දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හෙතෙම ඒ බව
සඳහන් කළේය.

අභ්‍යාසලාභී පත්වීම් ලිපි නිකුත් කිරීම රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන
අමාත්‍යාංශ ලේකම්ගේ අධීක්ෂණය යටතේ අදාළ දිස්ත්‍රික් ලේකම් විසින් සිදුකරන බවද ඔහු වැඩිදුරටත්
පැවැසීය.

දෙනගම ධම්මික රණවීර