එක් අතකින් ලබාදී අනෙක් අතින් උදුරා ගැනීම ජනතාව අවමානයට පත් කරන දීන ක්‍රියාවක් බව හිටපු
අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.



සයින්දමරුදුවලට වෙනම නගර සභාවක් පත් කරන බවට ගැසට් කර එම ගැසට් පත්‍රය තාවකාලිකව නවතා
දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම එම ජනතාවට කළ විශාල අවමානයක් බවද හෙතෙම පෙන්වා දෙයි.

මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ සයින්දමරුදු නගර සභාව පිහිටුවීම පිළිබඳ ගැසට් පත්‍රය තාවකාලිකව
අත්හිටුවීමට රජය ගෙන ඇති තීරණය පිළිබදව ප්‍රතිචාර දක්වමිනි.
ලක්ෂ්මී ජයකොඩි