තමන්ට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ අධික උණ ඇති වූ විට සාමාන්‍ය රෝහලකට ගොස් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්, එසේ නොකර කොරෝනා වෛරසය පිළිබඳ සැකයක් ඇති කරගෙන රෝහගත නොවන ලෙසත්
අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි. කොරෝනා වෛරසය ශරීරගත වී තිබෙන බවට සැකකර රෝහල්ගත වූ පසු අනවශ්‍ය ප්‍රශ්න ගණනාවක් ඇතිවන බවත්, එහෙත් චීනයේ සිට පැමිණ දින 14ක් තුළ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ අධික උණ

පවතිනවා නම් අදාළ පරික්ෂාවන් සිදුකර ගන්නා ලෙසත් එම ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසරය ශරීරගත වූ චීන ජාතික කාන්තාව සුවපත් වී සිටින බවත්, එම කාන්තාවන්ගෙන් කිසිවෙකුටත් රෝග බෝ නොවන බවත් ඔහු පවසා සිටියේය.එහෙත් විවිධ ප්‍රචාරයන් නිසා රෝහල් කාර්යමණ්ඩල සහ සාමාන්‍ය ජනතාව අනිසි බියක් ඇති කරගෙන තිබෙන බවත්, මෙතෙක් මෙම රෝගියාට අමතරව කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ශරීරගත වූ බවට සැකකර රෝහල්ගත වූ පසු අදාළ පුද්ගලයාගේ පරික්ෂණ කටයුතු සඳහා රඳවාගැනීමක් සිදුවන බවත්, ඉන්පසුව එම පුද්ගලයා  සේවය කරන හෝ ආගිය තැන් සෙවීමේදී ඒ ස්ථානවල චීන ජාතිකයන් සිටියහොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවන බවත් හෙතෙම පවසා සිටියේය.

-එච්.අයි.තුෂාර-