දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සුළු සේවකයකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග ගල්කිස්ස බඩෝවිට පුළශයේ දී පෙරේදා (12) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව
විශේෂ කාර්ය බලකාය පවසයි. අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නගර සභා ක්‍රීඩාංගණයක  කම්කරුවකු වශයෙන් සේවය කරමින් සිටි 23 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 15 ක තොගයක් තිබිණි යැයි විශේෂ කාර්ය බලකාය පවසයි. මෙම සැකකරු මහා
පරිමාණයෙන් මත්කුඩු ජාවාරම් කරන බවට විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරක් අනුව  දින කිහිපයක් ආවේණු රාජකාරියේ නිරතව සිටි නිලධාරින් විසින් පෙරේදා රාත්‍රි 11.15 ට පමණ සැකකරු ඔහුගේ නිවස අසලදී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු මෙම හෙරොයින් තොගය ජාවාරම්කරුවන් වෙත අලෙවි කිරීමට රැගෙන යමින් සිටි බවද විශේෂ කාර්ය බලකාය පවසයි. සැකකරු ජාවාරම්කර ඇත්තේ දැනට හෙරොයින් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින බඩෝවිට නලින් නමැත්තාට අයත් මත්කුඩු බවත් නලින් නමැත්තා ඉකුත් 2019 වසරේ දෙසැම්බර් මස දිනක මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබූ බවත් කියති.  නලීන් නමැත්තා බන්ධනාගාරගතව සිටින අතර ඔහුගේ උපදෙස් මත ඉහත සැකකරු ඔහුගේ මාත්කුඩු ජාවාරම සිදුකරන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

මොහු හෙරොයින් ග්‍රෑම් 50, 100 වශයෙන් පැකට් කර අලෙවි කරන බවද පැවසේ. විශේෂ කාර්ය බලකායේ නව අනදෙණ නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා ඉකුත් 10 දින වැඩ බාර ගැනීමත් සමග ඔහුගේ මෙහෙයවීමෙන් සිදු වූ මුල්ම වැටලීම මෙය බවද  විශේෂ කාර්ය බලකාය කියයි.  අත්අඩංගුවට ගත් සැකකරු හා මත්කුඩු වැඩිදුර පරික්ෂණ සඳහා ගල්කිස්ස පොලිසියට බාර දී ඇත.


-ඉන්දිකා රාමනායක-