ලබාදුන් උපදෙස් මත ක්‍රියා නොකිරීම ගැන වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයාට. නීතිපතිවරයාගේ අප්‍රසාදය පළකර තිබේ.


ඒ අනුව වහාම විනිසුරු ගිහාන් පිලපිටියට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපති උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
අද (11) දිනය තුළ වහාම මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් නුගේගොඩ අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.

වැඩ බලන පොලිස්පතිවරයාට ලිපියක් යවමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ සැකකරු කුමන ප්‍රදේශයක සිට දුරකථන ඇමතුම ලබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවයි.

ඊට පිළිතුරු දෙමින් නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ “මම උසාවියට හරවන ගමන් ” යනුවෙන් හඬ පටයේ ඇති බවයි.

හඬපටයේ අධිකරණ බලප්‍රදේශය පිළිබඳව සඳහන් වෙද්දීත් අධිකරණ බලප්‍රදේශය සමබන්ධයෙන් මාගෙන් විමසීම කණගාටුවට කරුණක් බව ද නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා.

දුරකාතන මගින් මේ සම්බන්ධයෙන් කරුණු නොවිමසා නියෝග නිකුත් කර දින 18ක් ගත වූ පසුවන තුරුත් මවිසින් විමසන තුරුත් ප්‍රතිචාර නොදැක්වීම හාස්‍යට කරුණක් බව නීතිපති වැඩි දුරටත් සඳහන් කර තිබුණා.