මේ වනවිට සුවය ලබා සිටින ශ‍්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරසය වැළදුණු චීන කාන්තාව තවමත් අංගොඩ අයිඩීඑච් රෝහලේ රැදි සිටින්නීය. ඇය තවත් දින 3 කින් පමණ චීනයට යැවීමට හැකිවනු ඇතැයි බලධාරීන් දන්වා තිබේ.රෝගය වැළදිමේන් පසු සිය අත්දැකීම් ඇය  සමාජ මාධ්‍ය ජාලයක් වන වීචැට්හි හි
පළ කර තිබේ එහි සිංහල පරිවර්තනය මෙසේය.
'මා නොදැනුවත්වම තමයි මට මේ ලෙඬේ හැදුනෙ. ඒ නිසා ශ‍්‍රී ලංකාවට ඇතිවෙච්ච කරදරය ගැන මා සමාව ඉල්ලනවා . නමුත් මං කියන්න  ඕනේ මටම විශ්වාස කරන්න බෑ මට අසනීප වුණා කියලා . මොකද වුහාන් වලට ගිහිල්ලා මම රැස්වීමකට සහභාගි වෙන්න හිටියේ .
මට රාත‍්‍රියේ උණ රෝග ලක්ෂණ තිබ්බා, ඊට පස්සේ මම රෝහලකට ගියා.

මං මුලින්ම රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ හැමෝම මං ගැන බයේ හිටියේ . මමත් ඉතා කලබල වෙලා හිටියේ.
ප‍්‍රධාන හෙද නිලධාරිනිය දැක්කා මම වාට්ටුවේ හඬමින් ඉන්නවා . එයා මාව හැමදාම දිරිමත් කළා. හැමදාම මට අවශ්‍ය කරන දේවල් එයා ගෙනත් දුන්නා . වෛද්‍යවරයා ඇවිල්ලා හැමදා මාව සැනසුවා .ඒ වගේම සංචාරක ක්ෂේත‍්‍රයේ හිටපු නියෝජිතයිනුත් මාත් එක්ක අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා මගේ සුවදුක් විමසලා බැලූවා.
මට කොරෝනා වෛරසය හැදිලද කියල දැනගන්න ඒ පරීක්ෂණ ක‍්‍රියාවලිය ඉතාමත් අපහසුයි, කරදරකාරී. ඒක සමහරවිට ශ‍්‍රී ලංකාවට කොරෝනා වෛරසය ඒ වෙනකොට ඇවිල්ල තිබ්බෙ නැති හින්ද වෙන්නැති . පළමුවෙන් කළ පරීක්ෂණයේදී කොරෝනා හැදිලා කියල කිව්වෙ නැහැ . ඊට පස්සේ කරපු පරීක්ෂණ වලදී තමයි මට කොරෝනා කියල කිව්වෙ . ඒ තුන්වෙනි දවස.
මේ කොරෝනා රෝගය මිනිසුන්ව ගොඩක් කරදරකාරී තත්ත්වයකට ඇදලා දානවා .ඒ මම හින්දා අනිත් මිනිස්සුන්ටත් මේ ලෙඬේ බෝ වෙන්න පුළුවන්කම තියෙන නිසා.මගේ සංචාරක මගපෙන්වන්නා ගැන මම ගොඩක් කරදර වුණා. මාව හුදකලා ස්ථානයක තියලා තිබ්බේ, ඒක මට ඉතා අමාරු දෙයක් වුණා.

කොරෝනා ගැන මම මීට කලින් දැනන් හිටියේ නෑ.

මම ගොඩක් බය වෙලා හිටියේ. මම හිතුවා චීනෙට ගිහිල්ලා මට ප‍්‍රතිකාර ගන්න තිබ්බ නම් හොඳයි කියලා.නමුත් මගේ සේවා ස්ථානයෙන් එරට ඉන්න විශේෂඥයෝ දෙන්නෙක් මගේ රෝගයට ප‍්‍රතිකාර කරන්න සූදානම් කරල දුන්නා. එයාලා කිව්වා මට වැලදිලා තියෙන්නේ මධ්‍යම තත්වයේ කොරෝනා වෛරසයක් කියලා . ඒ නිසා මට සුව වෙන්න ඉතා විශාල අවස්ථාවක් තියෙනවා කියලා ඔවුන් කිව්වා .

එකෙන් මගේ විශ්වාසය ගොඩක් ශක්තිමත් වුණා .
මගේ ප‍්‍රධාන හෙද නිලධාරියා ඉතාමත් හොඳයි .දින කිහිපයක් ගිහිල්ලා ඇය මට කිව්වා මට ගෙදර යන්න පුළුවන් කියලා. ඇය මාත් එක්ක මේ පින්තූරය ගත්තා .
ශ‍්‍රී ලංකාවේ ඉන්න මේ සෞඛ්‍ය නිලධාරීන් හරිම හොඳයි. හැමෝටම ගොඩක් ස්තුතියි.