මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්ථානයේ කැණීම් තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත්
කොට තිබූ කාමරයේ ‍ෙදාරගුළු කැඩීම හා ජනේලයක් විවෘත කොට තැබීම සම්බන්ධයෙන් ඊයේ (11දා)
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කරුණු අවධාරණය කෙරිණි.


මන්නාරම පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්ථානයෙන් අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් වන නඩු
විභාගය ඊයේ (11දා) මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නඩුවේ අතුරුදන්වූවන්ගේ
ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් ඒ සම්බන්ධයෙන් මන්නාරම මහෙස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු
කරනු ලැබීය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පැවැසුවේ සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථී තැන්පත්කො ට තිබූ කාමරයේ ‍දොරගුළු කැඩීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරීන්ගෙන් කරුණු විමසිය යුතු බවද අතුරුදන් අයගේ  ඥාතීහු පැවැසූහ.

නඩු විභාගය අතරතුර සමූහ මිනීවළ කැණීම් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවන් පෙනී සිටි නීතිඥයන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ අතර එහිදී අතුරුදන් වූවන්වෙනුවෙන් මන්නාරම අධිකරණයේ නීතිඥයන් පිරිසක් එක්ව අධිකරණ කටයුතුවලින් ඉවත්විණි.

අනතුරුව නැවත මහෙස්ත්‍රාත්වරයාගේ කැඳවීම් මත නීතිඥයන් අධිකරණ කටයුතු වෙනුවෙන් එක්වූ අතර සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි කොටස් තැන්පත් කොට පැවැති කාමරයේ ‍ෙදාරගුළු කැඩීයෑම සම්බන්ධයෙන්අ ධිකරණයේදී කරුණු දැක්වීමට එළැඹෙන 25 වැනිදා නඩු විභාගය කැඳවන බව මහෙස්ත්‍රාත්වරයා නියෝග
කළේය.

මන්නාරම සමූහ මිනීවළ සම්බන්ධයෙන් 2018 මාර්තු 26 වැනිදා පළමු වරට තොරතුරු වාර්තා වූ අතර
සමූහ මිනීවළ සම්බන්ධයෙන් දින 156ක් කැණීම් කළ අතර සමූහ මිනීවළ තුළින් මිනිස් සිරුරු 342ක් මතුකර ගැනිණි.

එයින් මිනිස් සිරුරු 330ක් ගොඩගත් අතර ඒ තුළ කුඩා ළමයි 30 දෙනකුගේ සිරුරද පැවැතිණි.

සමූහ මිනීවළ සම්බන්ධයෙන් ඇමෙරිකා ෆ්ලෝරිඩා කාබන් රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව සමූහ
මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු 2019 මාර්තු 7 වැනිදා තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම
මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කෙරිණි.

සමූහ මිනීවළ තුළ අස්ථි කොටස් ක්‍රිස්තු වර්ෂ 1450ත් 1650ත් අතර කාලයට අයත් වන බව කාබන්
පරීක්ෂණ වාර්තා තුළින් අනාවරණය වන බව දත්ත විශ්ලේෂකයෝ පැවැසූහ.

මන්නාරම අධිකරණයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සමින්ද රාජපක්ෂ මහතා හා කැලණිය
විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේ‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු කණ්ඩායමක්
සමූහ මිනීවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

මන්නාරම දිස්ත්‍රික් අතුරුදන් වුවන්ගේ ඥාතීන් පවසන්නේ අදාළ අස්ථි කොටස් යුද සමයේ අතුරුදන්වූවන්ගේ
වන බවයි.

වවුනියාව - එන්. ප්‍රියදර්ශනි