https://www.gossiplankanews.com/2020/02/AGITATION-SITE-COLOMBO.html#more
කොළඹ නගරයේ නිරන්තරයෙන් පැවැත් වෙන උද්ඝෝෂණ නිසා  අධික වාහන තදබදයත්, සාමාන්‍ය ජනජීවිතයට දැඩි පීඩා එල්ලවීමත් නිතරම සිදුවෙයි . මාර්ග වසාදැමීම්, උද්ඝෝෂකයින් පළවා හැරීම සඳහා
ජල ප්‍රහාර හා කඳුළු ගෑස් එල්ල කිරීම් වැනි

අවස්ථාවල දී උද්ඝෝෂකයින් පමණක් නොව සාමාන්‍ය ජනතාවද ඒවායේ ගොදුරු බවට පත්වන අවස්ථා එමටය.
උද්ඝෝෂන පැවැත්වීම සඳහා ඉඩ සැලසීම ප්‍රජාතන්ත්‍ර සමාජයක පැවැත්මයි.ඒ අතරම උද්ඝෝෂණ කාටවත් කරදරයක් නොවන ලෙස පැවැත්වීම උද්ඝෝෂකයින්ගේ වගකීමයි.
මේ සඳහා වෙනම තැනක් නම් කිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව කොළඹ, ගාලුමුවදොර පිටියට යාබද ස්ථානයක් උද්ඝෝෂණ ස්ථානය ලෙස නම් කර ඇත. ඉදිරියේදී උද්ඝෝෂණ පවත්වන්නට අපේක්ෂිත අය මෙම ස්ථානයට ගොස් තමන් කැමති විරෝධතාවයක් දක්වන්නට හැකි අතර වෙනත් තැන්වල උද්ඝෝෂණ පවත්වන්නට උත්සාහ කරන අයට මෙතැනට එන්නට පොලිසිය මග පෙන්වනු ඇත.