පාසලට පැමිණ ඉන්පසු හොරෙන් පැන ගොස් මල්වතු ඔයේ යසසිරිපුර කුඩා පාලම අසල දුම්වැටි පානය කරමින් විනෝද වෙවි දිය නෑම් යෙදුණු අනුරාධපුර නගරයේ ප්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනෙකු
06 වනදා පෙරවරුවේ සිය බාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු
තොරතුරක් මත අනුරාධපුර පොලිසියේ විෂ මන්ද්‍රව්‍ය වැටලීම ඒකකය මෙම වැටලීම කර තිබුණි.  වැටලීමේදී සිය බාරයට ගත් සිසුන් අට දෙනාම අවුරුදු 16 අඩු වයසේ අය බව පවියන පොලිසිය, ඔවුන් ළඟ තිබූ දුම්වැටී සියල්ලද සිය බාරයට ගෙන ඔවුන්ට ඒවා අලෙවි කර තිබුණු වෙළෙන්දාද පොලීසියට ගෙන්වූ බව කියයි.
මේ සිසුන් අට දෙනාගේ පවුල් පසුබිම පිළිබඳව සොයා බැලීමේදී එක්නකෝ ඔවුගේ මව හෝ පියා විදෙස්ගතවී හෝ නැතිනම් වෙන්ව ජීවත් වෙන බව අනාවරණය වූ බව පවසන පොලීසිය, ඇතැම් සිසුන්ගේ මව හෝ පියා යන දෙදෙනාම නැති
නිසා ඥාතීන් ළග ඔවුන් හැදෙන වැඩෙන බව හෙළිවූ බවත් කියයි.
මව හෝ පියා සිටින සිසුන්ගේ ඒ මව හෝ පියාත් ඥාතීන් ළග හැදෙන වැඩෙන සිසුන් ඒ ඥාතීනුත් පොලිසියට ගෙන්වා සිසුන්ට හා ඒ අයට තදින් අවවාද කොට සිසුන් ඔවුන්ට බාරදීමට කටයුතු කළ බවත්, සිසුන්ට දුම්වැටි විකුණූ වෙළෙන්දාටද තදින් අවවාද කර මුදාහරින ලද බවත් පවසන පොලීසිය මේ සිසුන් කළ ක්‍රියාව ගැන ඔවුන් ඉගෙනුම ලබන පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බවද පවසයි.
(අතුල බණ්ඩාර)