බන්ධනාගාර රැදවියන් 5000 ක්  පුහුණු ශ්‍රමිකයින් ලෙස බල
ගන්වා නිපුණතාවයෙන් යුතු පරි පූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් හෙට (18) ආරම්භ කිරීමට නියමිතය.
සිරකරුවන් සිරෙන් නිදහස්වූ පසු
කරන්නට පුරුදුවූ රැකියාවක් නොමැතිකමින් හා සිය ඉතිහාසය මත විධිමත් රැකියා ලබාගැනීමට සමාජයේ පවතින ප්‍රතික්ෂේප කිරීම් හේතුවෙන් අසරණභාවයට පත්වීමත් ඔවුන් පෙර වැරදි වලට නැවත පෙළැඹීමේ සම්භාවිතාව ඉහළයාමත් නිසා විකල්පයක් ලෙස සිරෙන් නිදහස් වනවිට පුහුණු ශ්‍රමිකයින් බවට ඔවුන් පත්කිරීම මෙම සංකල්පයේ අරමුණයි.
මෙම ව්‍යපෘතියේ සමාරම්භක උත්සවය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදී හෙට සිදු කෙරේ.