ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් ඉදිරි මහමැතිවරණයේදී පොහොට්ටුව ලකුණින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග වදින බව දන්වා තිබේ.2015 ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද ඩිල්ෂාන් සහාය දැක්වූ අතර 2016 දී ජාත්‍යන්තර
ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ඩිල්ෂාන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය කල් ඇතිව ලබාගෙන පසුගිය ජනපතිවරණයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ දිනවීම වෙනුවෙන්ද ක්‍රියා කළේය.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා ඇත්තේ

ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 1000 ක් ඉදිකිරීමටත් ළදරු පාසල් 5 ක් ගාල්ලේ පවත්වායාමටත් තමා කටයුතු කර ඇති බවත් පාසල් ළමුන්ට පාසල් උපකරණ ලබාදෙමින් පවුල් 10000 ක් ගාල්ලේ තමා ජීවත් කරවන බවත්ය. මේවා කළේ පසුගිය අවුරුදු 15 ක කාලයේ පුරා ඡන්දය ඉල්ලීමේ අදහසින් නොවන බවත් ඔහු ඒ සමගම කියා සිටී.
පාර්ලිමේන්තුවට ගියත් නැතත් පොළවේ පයගසා සිටින්නට කැමති අයකු ලෙස ඩිල්ෂාන් ඔහුව හඳන්වාදී තිබෙන අතර ජනතාවට සේවා සැලසීමේ වැඩපිලිවෙල දිගටම කරගෙන යන බවද කියා සිටියේය. ක්‍රිකට් බොහෝ පොඩියට පටන් ගෙන සාර්ථක ලෙස අවසන් කළ තමාට දේශපාලන දිවියත් එලෙස කුඩාවට අරඹා සාර්ථක ලෙස රට වෙනුවෙන් දෙයක් කළ හැකිය යන හැගීම ඇති බව කියා සිටියි.