මාස කිහිපයක් තිස්සේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ඊයේ (21දා) සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ පැවසුහ. මෙසේ එළවළු මිල පහත
වැටීමට ප්‍රධානම හේතුව බවට පත්ව ඇත්තේ යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග ඊයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම බවද ඔවුහු වැඩිදුරටත් පවසා සිටියහ. කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන ගෝවා, බෝංචි, කැරට්, ලික්ස් හැර අනෙකුත් එළවළු බොහෝමයක මිල මේ ආකාරයෙන් පහත වැටීම විශේෂත්වයකි.

එළවළු වර්ග බොහෝමයක කිලෝවක මිල පසුගිය සතියේ රුපියල් 150 - 300ත් අතර මිලක් ගත් අතර, ඊයේ (21දා) පෙරවරුව වනවිට එම එළවළු කිලෝවක තොග මිල රුපියල් 80 - 60 දක්වා පහත වැටී තිබීණි. එමෙන්ම රාබු, නෝකෝල්,
වැටකොලු, කරවිල, පතෝල, වම්බටු, දඹල, මෑකරල් ආදී සියලූම එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් 40 සිට රුපියල් 80 දක්වා මිළකට පැවැති අතර, මෙම එළවළු වර්ග සියල්ලම මීට පෙර කිලෝව රුපියල් එකසිය පනහේ සිට රුපියල් 300 දක්වා මිල ගණන් යටතේ අලෙවි වූ බව වෙළෙන්දෝ කියති. යාපනය අර්ධද්වීපයෙන් විශාල වශයෙන් එළවළු තොග ලැබෙන අතරතුර, මේ දිනවල පහතරට ප්‍රදේශවලද එළවළු අස්වැන්න නෙළීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග ලැබෙමින් පවතී.

මේ අතර පසුගිය සතියේ රුපියල් 150-200 අතර මිලකට අලෙවි වූ විදේශ රටවලින් ගෙන්වා ඇති ලොකුලූනු කිලෝවක මිල ඊයේ රුපියල් 45 - 90 දක්වා පහත වැටී තිබිණි. පසුගිය සති කිහිපයේ රුපියල් 400 - 600ත් අතර අලෙවි වූ අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 180 -200 රුපියල් 250කට අලෙවි වූ වම්බටු කිලෝව මේ වනවිට රුපියල් 45 - 60 දක්වාද, රුපියල් 180කට අලෙවි වූ දඹල කිලෝව රුපියල් 35 දක්වාද, රුපියල් 180කට අලෙවි වු පතෝල කිලෝව රුපියල් 60 දක්වා පහත වැටී තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ පහුගිය දින කිහිපයේ පැවැති වර්ෂාව හේතුවෙන් ගෝවා, බෝරචි, ලීක්ස, කැරටි මිල පසුගිය
සතියට වඩා යමි මටිටමකින් අඩු වුවදා, කැරට් කිලෝවක් රුපියල් 350 - 400ත් අතරද.. රුපියල් තුන්සියයකට අලෙවි වූ බෝපචි කිලෝව රුපියල් 160 දක්වාද ම්ල පහත වැටී
තිබේ.

මේ අතර කිලෝවක් රුපියල් තුන්සිය හැටකට අලෙවි වූ ලීක්ස් කිලෝවක තොග මිලද රුපියල් 240 දක්වා පහත වැටී තිබේ. ඉකුත් සතියේ රුපියල් 350 - 400ක් අතර අලෙවි වූ තක්කාලි කිලෝවක තොග මිලට රුපියල් 250 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි. පසුගිය සතියේ කිලෝවක් රුපියල් 280කට අලෙවි වූ බීට්රූට් කිලෝවක මිලද රුපියල් 60 දක්වා පහත වැටී තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දන් කියා සිටියේ මින් ඉදිරියට දිගටම එළවළු ලැබීමත් සමග මිල පහත යනු ඇතැයි විශ්වාසය පළ කළ හැකි බවයි.

-එස්. කරුණාරත්න-