මෙතෙක් හඳුනා නොගත් දරුණු උණ වසංගයක් ව්‍යාප්ත වෙමින් පවතින චීනයේ වුහාන් පළාතේ සිට ගුවන් මගින් ඇමෙරිකා එක්සත් ජනපදයට පැමිණෙන පිරිස් දැඩි ලෙස නිරීක්ෂණය සදහා එරට ගුවන් තොටුපොළ තුනක් කටයුතු යොදා ඇතැයි වාර්තා පවසයි.

ඒ අනුව සැන් ෆ්‍රැක්සිකෝ, නිව්යෝක් සහ ලොස් ඇන්ජලීස් යන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙම ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබේ.

නව කොරෝනා වෛරසයක් ලෙස හදුනාගෙන ඇති මෙම වෛරසය මාරාන්තික මට්ටමේ වෛරසයක් ලෙසටද වාර්තා වී තිබේ.

මෙය 2019 nCou ලෙස නම් කර ඇත. පසුගිය මාසයේදී චීනයේ වුහාන් ප්‍රාන්තය තුළ ඇමම වෛරසය මුලින්ම වාර්තා විය. අද වනවිට විශාල පිරිසක් මෙම වෙරසයට ගොදුරු වී ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් දෙදෙනකු මේ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. එසේම ඒ ජපානයට සහ තායිලන්තය වෙතත් ව්‍යාප්ත වී ඇතැයිද පැවසෙයි.

කෙස් වෙතත් එක්සත් ජනපදයට මෙය ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම දැඩි පරීක්ෂා කිරීම් සිදුකරන බව එරට ගුවන් තොටුපොළ බලධාරීන් පවසයි.

ඒ අනුව එරට රෝග පාලන සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් ආගමන විගමන සහ දේශසීමා ආරක්ෂක නියෝජිතයන් හා එක්ව මෙම පරික්ෂා කිරීම් සිදු කරයි.