https://www.gossiplankanews.com/2020/01/unp-new-leader.html
ක්සත් ජාතික පක්ෂයේ නායකයා තෝරන විශේෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්විමක් අද(16) පස්වරු 05.00ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විමට නියමිතව තිබේ.
ඊයේ පැවති රැස්වීමකදී නායකත්වය සම්බන්ධයෙන් ඡන්දයක් පැවැත්වීමට
අවධානය යොමුව ඇති අතර රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය හා සජිත් ප්‍රේමදාස යන නම් තුනම මෙහිදී මතුව ඇතැයි පැවසේ.
මේ අතර නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමේ යෝජනාවක් රනිල් වික්‍රමසිංහ හා හිතවාදී කණ්ඩායම් නැවත මතු කර ඇත.
මේ වනවිට පුද්ගලික සංචාරයක්

සදහා සිංගප්පූරුවට ගොස් සිටින රනිල් වික්‍රමසිංහ නැවත අද උදේ ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
පක්ෂ නායකත්වය මේ මොහොතේ වෙනස් නොවිය යුතු බවට වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ඊයේ දිනයේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අදහස් පළ කරමින් කියා සිටියේ, නීති හදන්නෙත් වෙනස් කරන්නෙත් අපි බවයි.

වජිර මන්ත්‍රීවරයා මතය හෝ වෙනත් මතයක් නොව පක්ෂයක් තුළ වැදගත් වන්නේ බහුතර මතය බවත් කියා සිටි ඒ මහතා, පාර්ලිමේන්තු කණ්ඩායමට නායකත්වය තීරණය කළ නොහැකි බවත් පැවසීය.

ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවට 2018 තීරණයක් ගත් බවත් එය අද වන විට අමතක වී ඇති බවත් පැවසු හර්ෂ ද සිල්වා මහතා “  අපි හදපු ව්‍යවස්ථාව අපිට වෙනස් කරන්න බැරි නම් කාට ද වෙනස් කරන්න පුළුවන් “ යනුවෙන් ද ප්‍රශ්න කර සිටියේය.
මේ අතර සුජීව සේනසිංහ මහතා  කියා සිටියේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය සිදුවී පැවති අවසා සහගත තත්වය තුළත්  සජිත් ප්‍රේමදාස මහතා විශාල ජයග්‍රහණයක් ලැබු බවත් රටේ ජනතාව බලාපොරොත්තු වන වෙනස ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.