විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම
ලබන විද්‍යාර්ථීන්ට
සහන පොලී මත බැංකු ණය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

මීට ඉහතදී ද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ නමුත් ඉකුත් යහපාලන ආණ්ඩුව එම ණයදීම නතර කර තිබූ බවද නව රජය එම වැඩපිළිවෙල යළිත් ක්‍රියාත්මක කරන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ආර්ථික දුෂ්කරතා ඇති විද්‍යාර්ථීන්ට එම බැංකු ණය නිකුත් කරන බවද ඇමැතිවරයා කියා සිටියා.