https://www.gossiplankanews.com/2020/01/unawatuna-business-woman-murder.html
ණවටුන යද්දෙහිමුලේ සංචාරක හෝටල් හිමිකාරියක බිහිසුණු ලෙස ගෙල කපා වෙඩි තබා මරා දැමීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තා විය. මෙම ඝාතනය විදෙස්ගතව සිටි සැමියා කුලී මැරයෙකු ලවා කරවන්නට ඇතැයි සැකකෙරෙන අතර අනපේක්ෂිත සිදුවීම වන්නේ
මේ ආකාරයට ඇය මින් ඉහත අවස්ථාවකත් ඝාතනය කරන්නට තැත් කර පසුගිය වසරේ අදාළ සැකකරු පොලිසියට හසුව තිබීමය.
ඇගේ මරණය සිදුව ඇත්තේ තියුණු ආයුධකින් ගෙල කැපීමෙන් සහ වඩි තැබීමෙන් බවට පශ්චාත් මරණ පැවැත්වූ කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීනී සමාධි දදෙණිය මහත්මිය වාර්තා කර තිබේ.
ඉකුත් 10දා අලුයම සිදුවූ මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යක්දෙහිමුල්ල ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකාරිය වූ නිලූකා චාමලි විලාසිතා (34) නමැති එක් දරු මවකි.
ඇය තම හත් හැවිරිදි දරුවා සමග

අදාළ හෝටලයේ ආපන ශාලාව තුළ සිටීයදී රාත්‍රී දොළහයි දහයට පමණි යතුරුපැදියකින් පැමිණි දෙදනෙකු මෙම අපරාධය සිදු කොට ඇති බවට අනාවරණය වී තිබේ.

එම අවස්ථාවේ එහි සේවකයන් දෙදෙනෙකුද සිට ඇති අතර ඝාතනය සිදුවීමත් සමග ඔවුන් දිවගොස් ඇත.
මේ අතර මෙම සිද්ධිශයන් මරණකාරියගේ දරුවාට හානියක් සිදුව නොමැත.  ඝාතනයට ලක්වූ කාන්තාව උණවටුන අත්තරගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ සැමියා මේ වනවිට විදේශගතව සිටින බවත් දෙදෙනා අතර දේපළ සම්බන්ධයෙන් කලක සිට ආරවුලක් පවතින බවත් පොලීසිය පවසයි.

විදේශගතව සිටින සැමියා විසින් ඇය ඝාතනය කිරීමට පසුගිය වසරේ රුපියල් තිස් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ලබාදී තිබූ බවත් එම කොන්ත්‍රාත්තුව ලාබාගෙන සිටි මැර කාන්තාවක සහ පිරීමි පුද්ගලයකු පසුගිය වසරේ ජූනි මාසයේ අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය පවසයි. එම නඩුව මේ වනවිට ගාල්ලු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින අතර සැමියාගේ දෙවැනි උත්සාහය බවට සැක කළ හැකි සිදුවීමෙන් ඝාතනය සිදුවිණි.
ගාල්ල සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි හබරාදුව පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ පවත්වයි.