ශ්‍රී ලාංකික 24 හැවිරිදි තරුණයකු මිතුරන් සමග එක්වී මෙතනෝල්  පානය කිරිමෙන් පසුව ඉන්දුනීසියාවේදි මියගොස් ඇත. මේ බව අනාවරණය වූයේ යාපනයේ මයිලඩි උතුර උඩුවිල්හි පදිංචිව සිටි පී. ජේම්සන් (24)
නමැති ශ්‍රී ලාංකික තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන ලද මරණ පරික්ෂණයේදිය. මෙම මරණය පිළිබඳව මරණ පරික්ෂණ පවත්වන ලද්දේ මිගමුව දිසා මහ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය සී.බී .වසන්ත වික්‍රමරත්න මහතා විසිනි.මෙනතෝල් පානය කිරිමෙන් පසුව එක් අයකුගේ

ඇස් අන්ධ වී තිබෙන බවද මරණ පරික්ෂණයේදී වැඩිදුරටත් හෙළිවිය.

මෙතනෝල් පානය කිරිමෙන් ශ්‍රී ලාංකික තවත් තරුණයකු ඉන්දුනීසියාවේදී මියගොස් ඇති බවත් ඔහුගේ මෘත ශරීරය තවම ගෙනැවිත් නොමැති බවත් ළගදීම එම මෘත ශරීරය ශ්‍රී ලංකාවට ගෙනෙන බවත් මරණ පරීක්ෂකවරයා පැවසීය. මරණ  පරික්ෂණයේදී හෙළි වූ සාක්ෂි අනුව මියගිය අය 24 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු අරක්කු, සිගරට් බොන්නේය. පින්තාරුකරුවකු වන හෙතෙම මෙතනෝල් නමැති වස පානය කිරීමෙන් ඉන්දුනීසියාවේදී දී මියගොස් තිබෙන බැව් හෙළිවී තිබේ. මියගිය අය මෙතනෝල් වලට අමතරව විස්කි හා බ්‍රැන්ඩි පානය කර තිබේ. එම මළසිරුර ඉකුත් පළමුවැනි දින ගුවන් මඟින් ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇත.

මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය මීගමුව දිසා මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය ඩබිලිව්.එස්.එන්. ප්‍රනාන්දු මහතා විසින් පවත්වනු ලැබීය.  ඉදිරිපත්වූ වෛද්‍ය හා සෙසු සාක්කි සියල්ල සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මෙම මරණය එතනෝල් නමැති විෂ මද්‍යසාරය පානය කිරීමෙන් සිදුවූ මරණයක් බවට තීරණය කළේය. මරණ පරික්ෂණයේදි සාක්‍ෂි මෙහෙයවන ලද්දේ ගුවන් තොටුපළ පොලිසියේ සැරයන් ජගත් (6109) මහතා විසිනි.

-ඩබ්ලිව් හියුබට් ප්‍රනාන්දු-