https://www.gossiplankanews.com/2020/01/sanjeewani-weerasinghe.html#more
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති ලෙස රෝහණ දේව පෙරේරා මහතා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස සිසිර මුණසිංහ මහතා හා සංජීවනී වීරසිංහ මහත්මිය පත්කර ඇත

පත්වීම් ප්‍රදානය උසස් අධ්‍යාන, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 29 දා පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාශ පරිශ්‍රයේ දී සිදු විය.

ගායිකාවක් සහ නිළියක් සහ නිවේදිකාවක් වන සංජීවනී වීරසිංහ මහත්මිය මුල් කාලයේ වඩාත් ජනප්‍රිය වූයේ

පිළිතුරු ගීත ගායනා කිරීමේ ශෛලියක් හදුන්වාදෙමිනි. ඇය ඒ කාලයේ ප්‍රකට වූ ගායකයින්ගේ ගීත වල තනුව අනුව ඒවාට පිළිතුරු සපයන ගීත ගැයූවාය.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතුවල නිරත වූ කලා ශිල්පිණියක ලෙසද සංජීවනී මහත්මියගේ නම ප්‍රසිද්ධය. සජිත් ප්‍රේමදාස මහතාගේ පෑඩ් පොරොන්දුව දැඩි විවේචනයට ලක් කිරීම නිසාද ඇය ප්‍රසිද්ධ වූ අතර මෑත කාලයේ රන්ජන් රාමනායකගේ හඩ පට ගැනද ඇය කළ විවේචන අන්තර්ජාලයේ ප්‍රසිද්ධියට පත් විය.
සන්නිවේදන ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්වීම් ප්‍රදානය සිදු කරන ලදී.