https://www.gossiplankanews.com/2020/01/ranjan-voice-clips.html
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීම හා පැය 24 කින් ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විවිධ දේශපාලන කතා ගොඩනැගී පවතී.
රන්ජන් රාමනායක වාසය කරන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසය වෙත සෙනසුරාදා සවස ගමන් කළ පොලිස් කණ්ඩායමක් එහිදී රන්ජන් රාමනායකගේ පුද්ගලික ලැප්ටොප් පරිගණක
හාර්ඩ් ඩිස්ක් ඩීවීඩී තැටි ආදිය ගැන මූලික අවධානය යොමු කරමින් සෝදිසියක් සිදු කරන ලද අතර අවසානයේ අත්අඩංගුවට පත් කළේ මන්ත්‍රීවරයාට පොලිසිය ලබාදී තිබෙන ගිනි අවියේ බලපත්‍රය 2017-2019 වසර 3 සදහා යාවත්කාල නොකළැයි යන චෝදනාවකටය.

බැලුබැල්මට එය කුමක් හෝ වරදක් සොයාගෙන අත්අඩංගුවට ගැනීමක් නැතිනම් පලිගැනීමක් ලෙස පෙන්නුම් කළෙන් මේ සම්බන්ධයෙන් පරස්පර කතාබස් පැනනැගිණි. විපක්ෂයේ අය මෙන්ම රජයේ ඇතැම් මැතිඇමතිවරුන්ගේ අප්‍රසාදයද මේ සංසිද්ධිය වෙනුවෙන් පළවිය.

මේ අතර එක් ආරංචියකින් කියැවුනේ රන්ජන්ගේ නිවස

සෝදිසි කළේ දැනට දඩුවම් මාරුවක් ලබා සිටින රහස් පොලිස් හිටපු ප්‍රධානී ශානි අබේසේකර නීතියට කොටු කර ගැනීමට සාක්ෂි ප්‍රමාණවත් නොවීම නිසා බවයි.

රන්ජන් හා ශානි අතර කාලයක් තිස්සේ දුරකථන සංවාද පැවති බවත් ඒවා බොහොමයක් ශානිගේ රාජපක්ෂවරුන් කොටු කරගැනීමේ පුද්ගලික න්‍යාය පත්‍රයක් පිළිබඳ කරුණු සැලකරන්නක් බවත් ප්‍රකාශවී තිබෙන අතර ඒ කරුණු සාක්ෂි සමග අල්ලාගැනීමට රන්ජන්ගේ නිවසේ ඇති පරිගණක දත්ත තුළ දුරකථන සංවාද සොයාගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක වූ බවත් පැවසිණි.

රන්ජන් සෙනසුරාදා සවස 7.30ට අත්අඩංගුවට ගෙන ඉරිදා සවස 6 ට පමණ නිදහස් කරන ලද අතර මෙම පැය 24 කට ආසන්න කාලය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හෝ පොලිසිය නියෝජනය කරන පාර්ශ්ව කිසිවක් ඒ පිළිබඳ වැඩි විස්තර හෙළි නොකළද රන්ජන්ගේ හා ශානිගේ හඩ පටියක් ප්‍රසිද්ධ කිරීමට සිංහලේ නමින් පෙනී සිටින සංවිධානයක් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා හෙළිකර තිබුණි.
රජයේ මාධ්‍ය පුකාශකවරයෙකු ලෙස නව පත්වීම් ලද  රාජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාද උත්සවයක් අමතමින් කරුණු හෙළි කර තිබුණි. මීට වසර කිහිපයකට ඉහත මාතර සුනිල් නමින් දෙරණ නාලිකාවේ දේශපාලන වැඩසටහනක් අමතා මහින්දානන්ද එවක ඇමතිවරයාට 'ඕකා හොරා' ලෙස රන්ජන් පවසා තිබූ අතර මේ දෙදෙනා අතර විරසකයක්ද පැවතිණි.

මහින්දානන්ද රාජ්‍ය ඇමතිවරයා ඊයේ දන්වා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලබන විමර්ශන සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරීන් හට දුරකථන මගින් බලපෑම් කරන හඬ පට අඩංගු CD සොයා ගෙන ඇති බවයි.
රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා ශානි අබේසේකර මෙන්ම ස්විට්සර්ලන්තයට පළා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරී පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු නිලධාරීන් සමග සිදුකළ දුරකථන සංවාද 120,000කට අධික ප්‍රමාණයක් එම CD තැටි වල තිබී පොලිසිය සොයා ගෙන ඇති බවද ඔහු කීය.
මේ අතර ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ සිංහලේ සංවිධානයේ නියෝජිතයෙකු අතටද මෙම දුරකථන සංවාද ලැබී තිබූ අතර ඔහු ඒ ගැන හෙළිදරව් කළේ මෙම සංවාද සහිත හාර්ඩ් ඩිස්ක් එක ත්‍රීරෝද රියදුරෙකුගේ මාර්ගයෙන් පොලිසියට ලැබී තිබූ බව දක්වමිනි.
මේවා ගැන ඊයේ ඇප ලැබූ අවස්ථාවේ රන්ජන්ගෙන් මාධ්‍ය විමසීම් කළද ඔහු නඩු නිමිත්ත මත ඒවාට උත්තර දුන්නේ නැත.
කෙසේ වෙතත් තමා කෝප් කමිටුවේ සාමාජිකයෙකු මෙන්ම දූෂණ වංචා ගැන නිතර කථාකළ කෙනෙකු බව දැක්වූ රන්ජන් රාමනායක තමා විවිධ දූෂණ වංචා ගැන නිතර කරුණු සොයා ඇති බවත් ඒවා ගැන දත්ත පරිගණක වලින් හසුවීම ගැටලුවක් නොවන බවත් දන්වා තිබේ.පහතින් දැක්වෙන්නේ සිංහලේ නියෝජිතයා කළ හෙළිදරව්ව හා මහින්දානන්ද රාජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශයයි.

රන්ජන්ගේ පිටවූ සියලු හඬ පට මෙතැනින්