https://www.gossiplankanews.com/2020/01/ranjan-gihan-pilapitiya.html
න්ජන් රාමනායක සමග ආන්දෝලනාත්මක දුරකතන සංවාද හේතුවෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගේ වැඩ තහනම් කර තිබේ.
ඇඹීලිපිටිය මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරන ගිහාන් පිලපිටිය
මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව මෙම නියෝගය නිකුත් කර තිබුනේ ජනාධිපතිවරයාගේ අනුමැතියට යටත්වයි.අද ජනපති එයට අනුමැතිය දී ඇත.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීම හේතුවෙන්

රන්ජන් රාමනායක හිටපු ඇමතිවරයා සමග මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සමග සිදුකළ දුරකථන සංවාද සම්බන්ධයෙන් මීට දින කිහිපයකට පෙර අධිකරණ සේවා කොමිසන් සභාව නිර්දේශ ඇතුලත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කරනු ලැබු අතර නිර්දේශ ඇතුලත් වාර්තාව ජනාධිපතිවරයා විසින් අද පිළිගෙන ඇත.
එහි දක්වා ඇත්තේ ඔහුගේ වැඩ තහනම් කරන ලෙසයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි මහාධිකරණ විනිසුරු ගිහාන් පිල්පිටියගේ වැඩ තහනම් කිරීමේ නියෝගය අද (21) පස්වරුවේ නිකුත් කර තිබෙයි.

රන්ජන් සමග පැවැත්වූ සංවාදයක වීඩියෝවක් නිසා මේ වනවිට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේද වැඩ තහනම් වී තිබෙන අතර පද්මිණී රණවක හිටපු විනිසුරුවරියගෙන්ද ප්‍රකාශ සටහන් කිරීමක් සිදුව ඇත.

රන්ජන් හා ගිහාන් එක්ව පැවැත්වූ සංවාදය පහතින්