https://www.gossiplankanews.com/2020/01/ranjan-australia.html
ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසා තිබේ.
ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන්
සතිඅන්ත පුවත්පතක් මගින්

මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසූ අවස්ථාවක මේ බව පවසා තිබේ.
රන්ජන් රාමනායකගේ සොයුරියන් පවුලේ ඥාතීන් ඇතුළු වැඩිදෙනා වාසය කරන්නේ ඕස්ට්‍රෙලියාවේය.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් කියා ඇති රන්ජන් රාමනායක මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් සඳහන් කර තිබේ.

මේ අතර තමාගේ හඩ පට ලෙස ඇත්ත ඒවා මෙන්ම සංස්කරණය කළ හා  ව්‍යාජ ලෙස සකස් කළ ඒවා දැන් අන්තර්ජාලය පුරා පැතිරෙන බැවින් එයට විකල්පයක් ලෙස සම්පූර්ණ හඩ පටි සහිත යූටියුබ් නාලිකාවක්
අරඹා ඇති බවද රන්ජන් රාමනායක දන්වා සිටි අතර ඔහු සිරගතව සිටියදී ඔහුගේ ගෝලබාලයින් හෝ විදෙස්ගත හිතවතුවතුන ලවා මෙම වීඩියෝ අන්තර්ජාලයට මුදාහරිනු ඇති බවට අනුමාන කෙරේ.