හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නාරාහේන්පිට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ සති 3 කට
ආසන්න කාලයක් නේවාසික ප්‍රතිකාර ලැබීමෙන් පසු ඊයේ රාත්‍රී රෝහලෙන් පිටව ගොස් තිබෙයි.
පපුවේ ඇතිවූ රිදුම් තත්ත්වයක් හේතුවෙන් හිටපු අමාත්‍යවරයා රෝහල්ගත කෙරුණේ ඉකුත් දෙසැම්බර් මස 26 වනදායි.  ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස
ඉකුත් දෙසැම්බර් මස 24 වනදා අධිකරණය මගින් නියෝගයක් ලබාදී තිබූ අතරතුර මෙම රෝහල්ගතවීම සිදුවීම නිසා ඔහු නඩුවෙන් බේරෙන්නට සැගවී සිටි බවට කතා පැතිරිණි.
මේ අතරවාරයේ නඩුව කැදවූ අතර ඔහුට ඇප ලැබුණි.
මේ වනවිට රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයාගේ ප‍්‍රතිශෝධන අයදුම්පත කැඳවීමට කොළඹ මහාධිකරණය 17 වනදාට දින ලබාදී ඇත. රාජිත සේනාරත්න, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූමි මොහොමඩ් සහ සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගිවු දෙදෙනාට ද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇත.