ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි නිවන්න ගිය ගුවන් යානා  අනතුරකින් අමෙරිකානු ජාතිකයින් තිදෙනෙකු මරු දුටු බව විදෙස් වාර්තා සදහන් කරයි.
 මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මෙම යානය නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ ජල බොම්බ හෙළීම හෙවත් වරකට ලීටර 9000 ක් පමණ ජලය අහසේ සිට ගින්නට මුදා හැරීමේ මෙහෙයුමේ නිරතව සිටියදීය.

ගිනි නිවීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි මෙම යානය එම ජලය මුදාහළ ස්ථානයක පැවති අවදානමක් නිසා අනතුරට ලක්වන්නට ඇතැයි සැකකරන අතර තවම නිශ්චිතවම හේතව හදුනාගෙන නැත.
අධික උෂ්ණත්වය හා තද සුළං හේතුවෙන් නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තයේ යළිත් ගිනිගැනීම් වාර්තා වූ අතර

ගිනි නිවීම් මෙහෙයුම් කැදවා තිබුනේ ඒ අනුවයි.
 යානයේ සිටි තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමගම යානය අනතුරට ලක්ව ඇති බව වාර්තා විය. කැන්බරා අගනුවරට දකුණු දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයකදී එය කඩා වැටී ඇත.
මෙම ජල බෝම්බ ටැංකිය නිව් සවුත් වේල්ස් ග්‍රාමීය ගිනි නිවීමේ සේවාව (එන්එස්ඩබ්ලිව් ආර්එෆ්එස්) විසින් නිකුත් කර තිබූ බවත් ගිනිකොන දෙසින් පිහිටි කූමා නගරය අසල ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා එය කැඳවනු ලැබ බවත් සිදුවීමෙන් අනතුරුව ප්‍රාන්ත ප්‍රධානී ග්ලැඩිස් බෙරෙජික්ලියන් බ්‍රහස්පතින්දා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
 කොල්සන් ඒවියේෂන් නම් ගුවන් ගිනි නිවීමේ සමාගම ට අයත් ගුවන් යානය ඕස්ට්‍රේලියානු එන්එස්ඩබ්ලිව් ආර්එෆ්එස් සමඟ ගිවිසුම්ගත වී මෙම ගිනි නිවීමේ මෙහෙයුම සදහා එක්ව තිබුණි. ඇමරිකානු සමාගමක් වූ නිසා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අයත් වූයේ ඇමරිකාවටය.
කොල්සන් ඒවියේෂන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ
"අද අපගේ ස්වේච්ඡා සේවකයන් සිදුකරන ලද අවදානම් මෙහෙයුමකදී සී -130 ජල බෝම්බ හෙලීමේ යානය සමඟ සම්බන්ධතා නැති විය..ඛේදජනක ලෙස, මොනෝරෝ ප්‍රදේශයේ යානය කඩා වැටී ඇති බව පසුව හෙළි විිය. මේ හේතුවෙන් දිවි ගලවා ගත් අය නොමැති බව පෙනේ,"
 යානය බිම වැටෙන විට විශාල ගිනි බෝලයක් පතිතවූ අයුරින් දිස්වූ බවට සාක්ෂි ලැබී තිබේ.
මේ ගැන ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මකය.