https://www.gossiplankanews.com/2020/01/nirosha-virajini-fake-man.html
ප්‍රවීණ ගායන ශිල්පිණී නිරෝෂා විරාජිනී තමා බව පවසමින් ගැහැණු-පිරිමි මිශ්‍ර කටහඩක් ඇති පුද්ගලයෙකු ඇයට කරදරකාරී ලෙස හැසිරෙන බවට තොරතුරු ලැබී තිබේ. නිරෝෂා විරාජිනී අයියා ලෙස පෙනී සිටිමින් ඇගේ ගීතද ගායනා කරන මෙම පුද්ගලයා ඇය ලෙස පෙනී සිටීමින්
සිදු කරන වංචා නිසා ඇය විශාල හිරිහැරයකට පත්ව සිටින බව අප වෙත දන්වා සිටියාය.
නිරෝෂා විරාජිනී ඒ ගැන විස්තර කළේ මෙසේය.

‘එයා ඉස්කෝලෙ ළමයෙක් වෙලා සිටි කාලෙක මට හමුවෙලා මගෙ සින්දු කියන්න ආසයි කියල කියල තිබුණා. මට මතකයි යංතං ඉස්සර.
එයා මගේ නම පාවිච්චි කරලා

නිරෝෂා විරාජිණී කතා කරන්නෙ කියල වෙන අයට කියනවලු.
නාලිකා වල ඉන්න අයට කලාකරුවන්ට කතා කරලා එක එක අය රස්සාවල් වලට දාන්න පන්තිවලට දාන්න උත්සාහ කරලා තිබුණා. මම නෙමෙයි නිසා ගැටලු ආවා බැරිම තැන මිරිහාන පොලිසියට මං පැමිණිලි කළා. එහෙදි ප්‍රශ්න කරද්දි කියලා එයා මං වගේ සින්දු කියනවා. ඒ නිසා එයාට මං ඉරිසියයි.මං එයාට කපන නිසා තරහට ඒ දේවල් එයා මට කරනවා කියලා. මෙයින් පස්සෙ සිද්ධිය වෙන්නෙ කුරුණෑගල දඹදෙණිය පැත්තෙ හාමුදුරු නමක් මට කතා කරලා කිව්වා එයාගෙ අම්මා නැතිවුණා පන්සලේ තියාගත්තා පස්සෙ හොරකමක් කරලා පැනලා ගියා කියලා. පන්සලේ දුරකථනයෙන්ම තමා මේ කොල්ස් ගන්නෙ. ඊට පස්සෙත් මෙයා අර වැඩේ කරන්න දැන් පටන් අරන්. දැනුත් මගේ නම පාවිච්චි කරනවා. එයා මං දන්න විදිහට ගේ.
මම මේ නිරෝෂා විරාජිණී කතා කරන්නෙ කියලා සමිත හාමුදුරුවන්ට මාලනී ෆොන්සේකාට කතා කරලා දැන් මම නොම්මරේ ගත්තම එකම නොම්මරේ තියෙන්නෙ.කාලයක් නොම්මර වෙනස් කර කර

කතා කරලාත් තිබුණ බව අහුවුණා. සමහරුන්ගෙන් සල්ලිත් ඉල්ලලා.එයා වැරදි විදිහට මගෙ නම පාවිච්චි කරන එක තමයි මට ගැටලුව.ඒක මට හානියක්. පතිරාජ කියල තමයි ෆේස් බුක් වල පෙනී සිටින්නෙ. නිරෝෂා විරාජිනී අයියා කියල එයාව හදුන්වාගෙන ඉන්නවා.
මානසික රෝගියෙක් කියලා තමයි පේන්නෙ පව් කියලා හිතෙනවා.
ආයෙත් නීතියේ පිහිට තමා මට මේ බව හොයන්න වෙන්නෙ. ‘