පසුගියදා රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේදී සිදු කළ කථාව අවසන් කොටසේදී බැදුම්කර වංචාව පිළිබද පළමු ඉගිය තමාට ලැබුනේ තම ඔත්තුකරුවෙකුවූ කංචන විජේසේකර නිසා බව රන්ජන් රාමනායක ප්‍රකාශ
කළේය. කෙසේ

වෙතත් එම අවස්ථාවේ සභාවේ නොසිටි කංචන එම කතාව නිවැරදි කරන ලෙස පසුව ඉල්ලා සිටි අතර රන්ජන්ගේ කතාවෙන් මිනිත්තු 10 කට පමණ පසු එම නිවැරදි කිරීම කරමින් රන්ජන් 'ඔත්තුකරු' වචනය ඉවත්කරගන්නා බව දන්වා සිටියේය.

කෙසේ වෙතත් මෙම කරුණ මුල්කරගෙන සාවද්‍ය ප්‍රචාර යවමින් ෆෙස් බුක් ඔස්සේ තමන්ට මඩ ගැසීමට එක්තරා පිරිසක් කටයුතු කරන බව කංචන විජේසේකර සිය ෆේස් බුක් පිටුවෙන් දන්වා ඇත.
ඔහු එහිදී නම නොකියා ඇති මුත් ඉගි කර ඇත්තේ ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ගෝලයින් මෙවා කරන බවයි.