වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා
දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (22) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

එම සංගණනය ලබන මැයි මස 01 වැනි දින ආරම්භ කිරීමට නියමිතය. අවසන් වරට මේ පිළිබඳ සංගණනයක් සිදු කර ඇත්තේ 2017 වර්ෂයේදී වන අතර ඒ වන විට ලියාපදිංචි කර තිබු වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 657කි. ප්‍රමිතියෙන් තොරව ක්‍රියාත්මක කරන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන හේතුවෙන් ගැටලු රැසක් උද්ගතව පවතින බැවින් මෙම සංගණනය සිදු කරන බව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කළාය.

[දිනුක මලින්ද හේරත්]