https://www.gossiplankanews.com/2020/01/kalawana-dhanusha-story.html
සුගියදා රටේ අවධානය ඇති කරමින් වාහන පැදවීමේ බලපත්‍ර රහිත හිමි නමක් පැදවූ වාහනයක හැපී අවාසනාවන්ත ලෙස මියගිය ධනුෂ ලක්ෂාන් ශිෂ්‍යයාට තවම සාධාරණයක් ඉටුවී නැත. ඔහු මියගොස් දින 18 ක් පිරීම නිමිත්තෙන් කලවාන ගුණෝදය පදනම සංවිධාන කළ රුක් රෝපණ වැඩසටහනක් ඊයේ පැවැත්විණ.
එම අවස්ථාවට එක්වූ මියගිය ධනුෂ ලක්ෂාන් සිසුවාගේ දෙමාපියන්
මෙසේ ප්‍රකාශ කර තිබේ.


"දරුවා අපිට අහිමිවෙලා අදට දින 18ක් වෙනවා. කිසිදු කෙනෙක් සොයා බැලුවේ නැහැ. හාමුදුරුවෝ කෙනෙක් ගෙදරට ඇවිත් සාමාදාන වෙන්න කතා කළා.
ඒ හාමුදුරුවෝ කතා කළේ මගේ දරුවන්ට වඩා වාහනයට වෙච්ච හානිය ගැනයි. වාහනය හදන්න ලොකු ගාණක් යනවා කිව්වා. මගේ දරුවා පාරේ අයිනේ ඉදලා යටවුනාට වාහනයට වෙච්ච හානියට දරුවා පලිද? අපිට කිසි පැත්තකින් සාධාරණයක් වුණේ නැහැ. දරුවා මෙච්චර කල් මහන්සි වෙලා උගන්නලා හදාගත්තෙ අපි. ඒ නිසා දරුවා ගැන කැක්කුම දැනෙන්නෙ අපිට,
හාමුදුරුවන්ට වාහනේ වගේම මට මගේ දරුවා වටිනවා. අපි දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේක බලලා සාධාරණයක් කරන්න කියලා. රටේ ජනාධිපතිතුමාගෙන් අපි වැදලා ඉල්ලනවා මගේ පුතාට වෙච්ච දේ සාධාරණයක් කරන්න මැදිහත්වෙන කියලා."

හිමිනමක් පැදවූ කැබ් රථයක ගැටී පසුගිය මස 13 වැනිදා මියගිය ධනුෂ ලක්ෂාන් ශිෂ්‍යයා සිහිපත් කරන්නට දෙමාපියන්, සහෝදරයින් හා මිතුරු මිතුරියන් ඊයේ (01) කලවාන ගුණෝදය පදනම මාර්ගය දෙපස මී පැළ රෝපණ වැඩසටහන සංවිධානය කර තිබුණි.

 - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංග