https://www.gossiplankanews.com/2020/01/iran-shiite-u-s-soleimani.html#more
සුගිය ජනවාරි 03 වන සිකුරාදා බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇමරිකාව මගින් අලුයම එල්ල කළ මිසයිල ප්‍රහාරයක් නිසා ඉරානයේ ගුවන් හමුදාපතිවරයා හා සමාන බලතල හිමි එනම් විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කාසිම් සුලෙයිමානි මියගියේය. සුලෙයිමානි ඝාතනයට ලක් කිරීම ඇමරිකාව හිතාමතා කළ පලිගැනීමක් විය.
එයට ආසන්නම හේතුව වූයේ
මෙම සිදුවීමට දින කිහිපයකට පෙර දෙසැම්බර් 27 වනදා සුලෙයිමානි ඉරාකයේ කිර්කුක්හි ඇමරිකානු හමුදා රඳවා ඇති කලාපයකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඇමරිකානු ජාතික කොන්ත්‍රාත්කරුවෙකු මියගොස් තවත් ඇමරිකානු ජාතිකයින් 4 කට තුවාල සිදුවීමයි.
ජනවාරි 03 වනදා ඇමරිකානු ගුවන් ප්‍රහාර වලින් සුලෙයිමානි මිය යාමෙන් පසු ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඇමරිකානු ධජය පිහිටුවා තිබූ අතර ටික වේලාවකට පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් යොමු කරමින් ඝාතනය පිළිගත් අතර ඒ ගැන දන්වා තිබුනේ මෙසේය.
'කසේම් සුලයිමානි දීර්ඝ කාලයක් තිස්සේ ඇමරිකානුවන් දහස් ගණනක් ඝාතනය කිරීම හෝ දරුණු ලෙස තුවාල කර ඇති අතර තවත් බොහෝ දෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටියේය
මෑතදී විශාල සංඛ්‍යාවක් ඇතුළුව මිලියන ගණනකගේ මරණයට ඔහු සෘජුව හා වක්‍රව වගකිව යුතු විය'


ඝාතනය සිදුවූ අවස්ථාවේ මෙම නිලධාරීන් බැග්ඩාඩ් ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටියේ අධි ආරක්ෂිත වාහන දෙකකිනි. ඒ වෙත ඇමරිකානු රොකට් ප්‍රහාර එල්ල කර තිබුණි. මෙම නිළධාරීන් ඇතුළු තවත් පස් දෙනෙක් එම ඇමරිකානු මෙහෙයුමේදී මිය ගොස් තිබුණි.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට විරෝධය දක්වමින් ඉරාන විදේශ ඇමති ජවාඩ් ෂරීෆ් පවසා තිබුනේ ඇමරිකාවේ මෙම හැසිරීම ජාත්‍යන්තර ත්‍රස්තවාදය මිස වෙනකක් නොවන බවයි.
” එක්සත් ජනපදය එහි ව්‍යාජ වික්‍රමාන්විතයේ සියලු ප්‍රතිවිපාක සදහා වගකීම දැරිය යුතුය' ඔහු පවසයි.
 ඇමරිකානු මෙහෙයුමේදී සුලෙයිමානි සමග ඉරාක හමුදා කමාන්ඩර් අබු මහඩි අල් මහන්දිස් ද මිය ගියේය.

ඇමෙරිකාව කළ අපරාධයට ඉරානය සහතික වශයෙන් ම පලිගන්නා බව ඉරාන ජනපති හසන් රූනි පවසා තිබුණි.
 ඇමෙරිකාවේ දාමරිකත්වයට එරෙහිව නැගී සිටීමට සහ ඉස්ලාම් වටිනාකම් ආරක්ෂා කරගැනීමට ඉරානය ගෙන තිබූ අධිෂ්ඨානය මෙම ඝාතනය සමග දෙගුණයකින් වර්ධනය වූ බව ඔහු දන්වා සිටියේය.


එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව ඉරානයට සිය ශෝකය පළකර ඇති අතර බ්‍රිතාන්‍ය විසින් දෙපාර්ශවයෙන්ම මේ මොහොතේ ඉවසීමෙන් කටයුතු කරන්නැයි ඉල්ලීමක් කර තිබුණි.

මේ වනවිට සීතල යුද්ධයක් ඇරඹී ඇති අතර ඉරාකයේ බැග්ඩෑග් අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් හා බැග්ඩෑග් සිට සැතපුම් 50ක් දුරින් රොකට් ප්‍රහාර 2 ක් වාර්තා වී තිබුණි.
ඉදිරියේදී අමෙරිකාව ඉලක්ක කර ගනිමින් ප්‍රබල සයිබර් හෝ වෙනත් ප්‍රහාරයක් එල්ලවීමේ වැඩි අවදානමක් ඇති බව විදෙස් ඔත්තු සේවාවන් සඳහන් කර තිබුණි.
මේ අතර ඊයේ වාර්තා වූයේ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම අමෙරිකානු පුරවැසියන්ට ඉරාකයෙන් ඉවත්වන ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළ බවයි.
ජනවාරි මාසයේ දෝහා කටාර් හි සිදුකිරීමට නියමිත ව තිබූ ඇමරිකානු පාපන්දු පුහුණු සැසියද අවලංගු කර තිබේ.
මිය යන විට 62 හැවිරිදි වියේ පසුවූ  ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඉරානයේ වඩාත්ම බලවත්ම හමුදා කොමාන්ඩෝවරයාය.
ඔහු ඉරානය තුළ අතිශය ජනප්‍රිය චරිතයක්වූ අතර ඉරාන නායක අයතුල්ලා කොමේනි ළගට එරට වැසියන් වැඩියෙන්ම ගරු කළ පුද්ගලයා බවද කියැවුණි. ඉරානය තුළ ‘රොක් ස්ටාර් ජනරාල්‘ ලෙස ඔහු නම් කර තිබුණි.
සොලෙයිමනී, සිය වසර 62 ක ජීවිතයෙන් වැඩි කොටස ගත කළේ ඉරාන අණසක මැද පෙරදිග තහවුරු කිරීම සඳහාය.ක්වාඩ්ස් බලකායට සොලෙයිමනී වසර 21 ක් නායකත්වය සපයා තිබේ. ඉරානය, ලෙබනනයෙන් හෙස්බුල්ලා සහ අනෙකුත් ඉරාන හමුදා කණ්ඩායම් පළවා හැරියේ මේ බලකාය යොදා ගනිමිනි. ඉරාකය සහ සිරියාව දක්වා ඉරානය සිය හමුදා මෙහෙයුම් ව්‍යාප්ත කළේ ද සොලෙයිමනීගේ තිරයෙන් පසුපස තිබූ බුද්ධි අංශ සහ හමුදාමය හැකියාවෙනි.

ඇමෙරිකානු ගුවන් ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානී කසමී සුලෙයිමානිගේ අවමගුල් පෙරහර ඊයේ(04) ඉරාකයේ බැග්බෑඩ් නුවර හරිත කළාපයෙන් ආරම්භ වූ අතර ඒ සඳහා  අති විශාල ජනකායක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
මෙම අවමංගල්‍යය දින 3 ක් පැවැත්වේ. එය සිදුවන අතර  බාලාඩ් හි පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් තවත් රොකට් ප්‍රහාර තුනක් එල්ල කොට තිබූ අතර ඉන් රොකට් දෙකක් කඳවුරේ පිහිටි සෙබළ නිල නිවෙස්නය ආසන්නයට වැටී තිබුණි. තුවාල වූ පිරිස් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් වාර්තා වූයේ නැත.
සුලෙයිමානිගේ අවංමංග්‍යලයේදී එයට ශෝකය හා ඇමරිකාවට විරෝධය පළකරමින් පිරිස් ගමන් කළ බවත් වාර්තා විය.
ඔවුහු ඉරාක සහ හමුදා ධජ ඔසවාගෙන ගිය අතර හමුදා ප්‍රධානීන්ගේ පින්තූර ද රැගෙන ගියහ.
"ඊශ්‍රායලය එපා", "ඇමරිකාවට මරණය" යනුවෙන් සඳහන් පුවරු ඔවුහු අත දරා සිටියහ.
මෙම අවස්ථාවට ඉරාක අග්‍රාමාත්‍ය අඩෙල් අබ්දුල් මහදි සහ සන්නද්ධ නායකයින් ද සහභාගී වී තිබේ.
ජෙනරාල් සුලෙයිමානිගේ දේහය නිරිත දිග ඉරානයේ කුසෙස්ථාන් වෙත ගෙනගොස් එතැනින් ඉරානයේ ශියා ශුද්ධ නගරයක් වන මෂාඩ් වෙත ද ගෙන යන ලදි.

ඉන්පසුව ඔහුගේ උපන් ගම වන මධ්‍යම ඉරානයේ පිහිටි කෙයිර්මන් වෙත ගෙන යන දේහය අඟහරුවාදා (07) දිනයේදි එහි භූමදාන කෙරෙනු ඇතැයි රාජ්‍ය මාධ්‍ය පවසයි.

මරණයට පත් ජෙනරාල්වරයා වෙනුවෙන් ඉරානයේ තෙදින ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම ප්‍රහාරය සමග ඇමරිකාව හා ඉරානය අතර යුද තත්වයක් වර්ධනය වනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කර තිබේ.