https://www.gossiplankanews.com/2020/01/iraj-speaks.html
මේ දිනවල රජයේ අධ්‍යක්ෂ තනතුරක් ලැබීමත් සමග සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්ව තිබෙන සංගීත නිර්මාණ ශීල්පී ඉරාජ් වීරරත්න සිය සුඛොපභෝගී වාහනයේ සිට අව්කණ්නාඩිද පැළඳගෙන ෆේස් බුක් ලයිව් පැමිණ මහජනතාව අමතා තිබේ.
ඔහු එහිදී පවසන්නේ තමාට ජනතාවගේ ප්‍රශ්න එවන ලෙසත්
ජනපති සමග සෘජු සම්බන්ධකම් ඇති තමාට ඒවා විසඳන්නට හැකි බවත්ය.
ඔහු එහිදී මෙසේ කියයි.
'මට ආරාධනාවක් ලැබුණා ජනාධිපතිතුමාගෙන් ටුවරිස්ට් බෝඩ් එකට වැඩ කරන්න. මේකට යූඑන්පී කඳවුරෙන් මට මඩ ප්‍රහාරයක් යනවා.
මං රජයේ පෙට්‍රල් ඩීසල් හෝ කිසිම දීමනාවක් බලාපොරොත්තුවෙන්නෑ. 

මට වාහනයක් තියනවා. මට ඉන්න පුළුවන් හොඳට.

රට වෙනුවෙන් බාරගත්තේ. මේක බාරගත්තට පස්සෙ ලංකාවෙ ගොඩාක් අය මට වීඩියෝස් එවනවා මේ ප්‍රශ්නෙ තියෙනවා මේ ප්‍රශ්නෙ තියනවා කියලා. මං මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න බලනවා. ලංකාවෙ ඕනෑම කෙනෙකුට මාත් එක්ක ඩිරෙක්ට් ඇක්සස් තියනවා.  යූටියුබ්, ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම් වලින්. ඕගොල්ලන්ට පුළුවන් ඒවා විසඳගන්න පණිවිඩ එවන්න.මට වීඩියෝස් එවන්න. මං පහුගිය කාලෙත් උත්සාහ කළා ඒකට.

මං ආණ්ඩුවේ වාහන අරගෙන කරන් නෑ. දීමනා මුදල් කිසිවක් නෑ. නොමිලේ මංගේ අතින් වියදං කරගෙන කරන්නෙ. මෙකට මට උදව් කරන්න. මේ වෙලාවෙත් මට ගොඩක් අය ටෙක්ස්ට් කරනවා. මේ වෙලාවෙ උඩවලවෙ ප්‍රශ්නයක් තියනවලු. මං දැක්ක ඊයේ ඇල්ලෙ ප්‍රශ්නයක් තියනවා.

පහුගිය කාලෙ ඔයගොල්ලො වැඩ කළේ ජෝන් අමරතුංග එක්ක . එතුමා එක්ක ඔයාලට කතාකරන්න ලැබෙන්න නැතිව ඇති. ඒත් මාත් එක්ක කතා කරන්න පුළුවන්. මට ජනාධිපතිතුමා එක්ක ඩිරෙක්ට් කතා කරලා ප්‍රශ්න විසදන්න පුළුවන්. මාව ටැග් කරන්න, ෆේස් බුක් ඉන්ස්ටග්‍රෑම් වලින් එන්න මාත් එක්ක ඕන දෙයක් කියන්න පුළුවන්. මට ගොඩක් දේ ඉදිරියෙදි කරන්න පුළුවන් වේවි. ලංකාවට යූටියුබ් අයිකන් ඉදිරියේදි ගෙන්නන්න පුළුවන්. ටුමෝරෝ ලෑන්ඩ් වගේ ඒවා ලංකාවේ කරන්න පුළුවන් වෙයි.  බලමු ජයවේවා හැමෝටම.'