උසස් පෙළ විෂය ධාරාවන් හයක් යටතේ නව හා පැරණි නිර්දේශවලට අනුව විභාගයට මුහුණ දී ශ්‍රී ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගත් සිසුන් සඳහා මෙම නිවාස ලබාදීමට තිබෙනවා.

ඒ අනුව
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක දුෂ්මන්ත පෙරේරා දිස්ත්‍රික් කළමනාකරුවන්ට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එසේ උසස් පෙළින් ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන්ගේ තොරතුරු ලබාදෙන ලෙසටය.

ඒ අනුව සිසුන්ගේ අවශ්‍යතාව මත අදාළ නිවාස ඉදිකිරීම සිදුකරන බව නිවාස අධිකාරියේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.